
කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාග කරන ලද 200 වැනි STEM පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ බැංකුවේ නියෝජ්‍ය සභාපති රාජා සේනානායක, විධායක අධ්යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ, අගමැති බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති අනුරාධ වැලිකඩ යන මහත්වරු
ඩිජිටල් අධ්‍යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්‍රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්‍යාලයේදී විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි.
දිවයින පුරා සිසුන් 325,000 කට අධික පිරිසකට නවීන තාක්ෂණය මුසු අධ්‍යාපනය ලබාදෙන බැංකුවේ දිගුකාලීන වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම පරිත්‍යාගය සැලකිය හැක. පහසුකම්ලාභී පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් 2,500 කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය 110 දෙනකුගෙන් සමන්විත වේ. නව TEM පන්ති කාමරය මගින් නවීන ආර්ථිකයට අදාළ ප්‍රධාන තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව සැලසේ.
නවීන SMART Board තිරයකින් සහ ලිවීමේ පහසුකම් සහිත පුටුවලින් නවීන ඉගෙනුම් පරිසරයක් ලබා දෙන ලෙස මෙම STEM පන්ති කාමරය ස්ථාපිත කර තිබේ. මෙම පහසුකම මගින් STEM සහ තොරතුරු තාක්ෂණ විෂයයන් බහුමාධ්‍ය තාක්ෂණය ඔස්සේ ඉගැන්වීමට ගුරුවරුන්ට අවස්ථාව සැලසේ.
එමෙන්ම කණ්ඩායම් වශයෙන් ඉගෙනීම, පරිගණක කේතකරණය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කරගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා පාසලේ තොරතුරු තාක්ෂණ අංශය ද වැදගත් දායකත්වයක් ලබා දෙයි.
අධ්‍යාපනය සහ ඩිජිටල් සාක්ෂරතාව නංවාලීම සඳහා වන දීර්ඝකාලීන කැපවීමේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුවේ STEM පන්ති කාමර වැඩසටහන හඳුනාගත හැකිය. මෙම වැඩසටහන 2020 වසරේ බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව ආරම්භ කළ ‘Smart STEM පාසල් 100’ ව්‍යාපෘතිය හරහා තවදුරටත් පුළුල් විය. එම ව්‍යාපෘතිය යටතේ පාසල් 100 ක පන්ති කාමර සඳහා ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතය හඳුන්වා දෙන ලදී. බැංකුව විසින් එම පන්ති කාමර අලුත්වැඩියා කර, අවශ්‍ය ගෘහභාණ්ඩ සහ උපකරණ සපයා සකස් කළ අතර ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතය ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා ගුරුවරුන්ට පුහුණුව ද ලබා දෙන ලදී.
මීට අමතරව, පාසල් සිසුන්ගේ ඩිජිටල් අධ්‍යාපනය නංවාලීම සඳහා කොමර්ෂල් බැංකුව තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 400 කට අධික සංඛ්‍යාවක් පරිත්‍යාග කර ඇති අතර එමගින් දිවයින පුරා සිසුන් 500,000 කට අධික පිරිසකට ප්රතිලාභ සැලසී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයයන් ඉගැන්වීම සඳහා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසමින් STEM පන්ති කාමර ද මෙම වැඩසටහනට එක්වී ඇත.
අගමැති බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති අනුරාධ වැලිකඩ මහතා පැවසුවේ, නව පන්ති කාමරවලින් සිසුන්ට වඩාත් ක්‍රියාකාරී හා ප්‍රායෝගික අධ්‍යාපන අත්දැකීමක් ලබාගැනීමටත් අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමටත් අවස්ථාව සැලසෙන බවයි. “මෙම පන්ති කාමරවලින් සිසුන්ට වඩාත් ප්‍රායෝගිකව හා උනන්දුවෙන් ඉගෙනීමට අවස්ථාව හිමිවන අතර විශේෂයෙන්ම තාක්ෂණය භාවිත කිරීමේ විශ්වාසය ගොඩනගා ගැනීමටත් අනාගත අධ්‍යාපන කටයුතු සහ රැකියා ජීවිතයට වැදගත් වන කුසලතා වර්ධනය කර ගැනීමටත් අපේ සිසුවියන්ට මෙවැනි පහසුකම් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd