එලායන්ස් ෆිනෑන්ස් සැලසුම් කළ රු.බි. 1.5 ක බැඳුම්කරය ඉවත් කර ගනී
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම එහි සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 1.5 ක් වටිනා බැඳුම්කර නිකුතුව ඉවත් කරගන්නා බව පවසයි. වර්තමානයේ පවතින අයහපත් වෙළෙඳපොළ තත්වය මේ සඳහා හේතුව බව සමාගම පසුගියදා ලිපියක් මගින් එම හුවමාරුව වෙත දැනුම් දී තිබේ.
2025 වසරේ අගෝස්තු මාසයේදී යෝජනා කෙරුණු මෙම බැඳුම්කරය අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්රධාන, පිරිමුදවා ගත හැකි පස් අවුරුදු (2026/31) කාලයකින් කල් ප