

ඈත අතීතයේ සිට ම ආර්ථික විද්යාඥයන් ව්යවසායකත්වය පිළිබඳ ව අදහස් ඉදිරිපත් කර ඇත. ක්රියාශිලීව අවදානමට මුහුණදීමේ අවස්ථාව ව්යවසායකත්වය බවත්, එමගින් ප්රාග්ධනය ඇති පුද්ගලයන් හා අවස්ථා අතර පාලමක් නිර්මාණය කරන බවත් ආර්ථික විද්යාඥයන්ගේ අදහස විය. එසේ ම අවදානම් දැරීම පමණක් නොව කළමනාකරණ හා නිෂ්පාදන ක්රියාවලිය සඳහා ද ව්යවසායකත්වය දායක වේ. කාර්මික විප්ලවය නිසා ලෝකයට නව නිපැයුම් රාශියක් බිහි විය. එහි වාසිය හිමිවූයේ ව්යවසායකයාට ය. ව්යවසායකත්ව ක්රියාවලියෙහි විශිෂ්ට ක්රියාකාරීත්වය පිළිබඳ ආර්ථික විද්යාඥයන් ප්රකාශ කළේ ව්යවසායකයා උපයා ගන්නා ලාභය ප්රාග්ධනයෙන් උපයා ගන්නා ලාභයෙන් වෙනස් වන බවයි. රටක නිෂ්පාදකයන්ට නිර්මාණශිලී හොඳ අදහස් තිබිය හැකි වුවත්, ප්රායෝගික වශයෙන් ක්රියාවට නංවා යථාර්ථයක් කළ හැකි වන්නේ ව්යවසායකයකු වීමෙනි.
විස්මිත දේ නිර්මාණය කිරීමටත්, නිර්මාණශිලී ලෙස තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහාත් නිරන්තරයෙන් ම ගවේෂණශිලීව ක්රියා කරයි. පර්යේෂණ හා සංවර්ධන මගින් නව අවස්ථා මෙන්ම නව ක්රමවේදයන් නිර්මාණය කර ගනී. ඒ සඳහා අධ්යාපන හා පුහුණුව මගින් ලබා දෙන නව තාක්ෂණික දැනුම සහජ හැකියාව වර්ධනයට මහෝපකාරී වේ. සාර්ථක ව්යවසායකත්වයක් සඳහා නම්යශිලී වීම අත්යවශ්ය වේ. නවීන තාක්ෂණික වෙනස්කම් හා තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසා වර්තමාන හා අනාගත ගෝලීයකරණ ඉල්ලුම විශාල වශයෙන් වෙනස්වීම් වලට භාජන වේ. මෙම වෙනස්වීම්වලට උචිත වන පරිදි පරිවර්තනය වීමට ඇති හැකියාව ව්යවසායකයා විසින් වර්ධනය කරගත යුතු වේ.
ගෝලීයකරණය නිසා ඇතැම් ආර්ථිකයන් සාර්ථක වන අතර, සමහර ආර්ථික බිඳවැටෙන අවස්ථා ඇති වේ. මෙම අවස්ථාවන්ට සාර්ථක ව මුහුණ දීම සඳහා අනුවර්තනය වීමේ හැකියාව රටේ ව්යවසායකයන් සතු විය යුතුය.
තොරතුරු තාක්ෂණය නිසා භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම්වල කටයුතු ව්යාප්ත වී ඇත. මේ සමගම භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇත. වර්තමාන පාරිභෝගිකයෝ භාණ්ඩවල ගුණාත්මක බව කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වති. මේ නිසා දේශීය වෙළෙඳපොළට භාණ්ඩ අලෙවි කිරීමටත් නව විදේශීය වෙළෙඳපොළක් නතුකර ගැනීමටත් අවස්ථාව ලැබේ. එසේ ම ශ්රම සූක්ෂම දේශීය කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට හැකියාව ලැබේ. මේ තුළින් අවම මිලක් යටතේ භාණ්ඩය වෙළෙඳපොළට සැපයීමට අවස්ථාවක් උදා වේ. ගෝලීයකරණයෙන් රටට යහපත් ප්රතිඵල නෙළා ගැනීමට නම් ඊට අනුරූපී වන ආකාරයට දේශීය ව්යවසායකයන් බිහි කළ යුතුය. ගෝලීයකරණය නිසා ලොව ඕනෑම ස්ථානයක වෙළෙඳපොළ කොටස පාරිභෝගික ජනතාව, ප්රාග්ධනය, තාක්ෂණය සහ අදහස් යන අංශ තොරතුරු තාක්ෂණය මගින් ඒකාබද්ධ කළ හැකිය. එවිට දේශීය ව්යවසායකයන්ට පහසුවෙන් ජාත්යන්තර වෙළෙඳපොළ කරා යොමු විය හැකිය.
ව්යවසායකත්ව අවස්ථා නිර්මාණය කරන වැදගත් මූලාශ්රයක් ලෙස නව දැනුම හැඳින්විය හැකිය. වර්තමානයේ දි ලෝකය පුරා නිරන්තරයෙන් ම ව්යාපාරික අවස්ථා වර්ධනය වේ. අනාගතයේ දී ඇති වන බලශක්ති අර්බුදයට විසදුම් ලෙස නව තාක්ෂණ හා දැනුම වැදගත් වේ. උදාහරණණයක් ලෙස සූර්ය බලශක්තිය, සුළං බලය, සාගර තරංග මගින් විදුලිබලය නිපදවීම පෙන්වා දිය හැකිය. මෙවැනි අවස්ථා ව්යවසායකත්වය මගින් හදුනාගත හැකිය. ව්යාපාරික අවස්ථා බිහිකර ගැනීම සඳහා පරිසරයේ පවතින උපනතීන් සහ වෙනස්වීම් බලපායි. මෙවැනි උපනති නවෝත්පාදන බිහි කිරීමට අවශ්ය පසුබිම නිර්මාණය කරයි. ව්යවසායකත්ව සංදර්භය තුළ තාක්ෂණය, සමාජීය හා සංස්කෘතිය, නෛතික හා දේශපාලන, ආර්ථික යන අංශවල නිරන්තර වෙනස්වීම් සිදු වේ. මෙම වෙනස්කම් විග්රහ කිරීම මගින් නව ව්යාපාරික අදහස් ජනනය කර ගැනීමට හැකියාව ලැබේ. ව්යවසායකයන් විවිධ දෘෂටිකෝණවලින් නිමැවුම් උපාය මාර්ග වලට ප්රවිෂ්ඨ වේ.
ව්යවසායකයන් මුහුණ දෙන ප්රධාන අභියෝගය වන්නේ වෙනස් වීමය. කිසියම් ආර්ථිකයකට අභ්යන්තර මෙන් ම බාහිර වෙළෙඳපොළේ සිදුවන වෙනස්වීම්වලට මුහුණ දීමට සිදු වේ. ආර්ථික ක්රියාවලි කළමනාකරණය කිරීමේ එක් අංශයක් ලෙස ව්යවසායකත්වය හැඳින්විය හැකිය. ආර්ථිකයක කාර්යසාධන ප්රතිඵල වලට ප්රතිචාර දැක්වීමක් ලෙස වෙනස්වීම සිදු කරයි. එය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස නිර්මාණය කළ හැකි වන්නේ ව්යවසායකයාට ය. මෙම වෙනස්වීම්වලට විසදුම් ලබාදීමටත්, නායකත්වය ලබා දීමටත් හැකියාව ඇත්තේ ව්යවසායකයින්ටය.
ව්යවසායකත්වය සෑම විටම නව ක්රියාවලියක් උත්පාදනය කරනු ලබයි. නව නිපයුමක් සඳහා නව මාර්ග බිහි කරයි. නව භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට සැපයුම් කරයි. පවතින තත්වයට අලුත් දෙයක් සෑම දිනකම එකතු කරයි. ඒ තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරයි. ජීවන ශෛලිය නව මංපෙත් ඔස්සේ විවර කරයි. මිල ගණන් පහළ දැමීමට ක්රියා කරයි. ව්යාපාර සංවිධානවල රැකියා අවස්ථා උදා කරයි. ව්යවසායකත්වය මගින් රටේ ව්යාපාර කටයුතුවල නිරත වීමට උනන්දු කරයි. රටක ධනය උත්පාදනය සිදු කරනු ලබන්නේ ද ව්යවසායකත්වය මගිනි. මිනිස් අවශ්යතා හා වුවමනා ඉටු කිරීම පමණක් නොව සමාජ සුබසාධන කටයුතු ද ව්යවසායකත්වය මගින් සිදු වේ. ව්යවසායකත්ව කුසලතා පිබිදීමට සුදුසු ව්යාපාර පරිසරයක් රටක තිබීම වැදගත්ය. වේගයෙන් වෙනස් වන ලෝකයක නව්යතා සෙවිය හැකි ව්යවසායකයන්ගේ දැඩි අවශ්යතාවක් වර්ධනය වෙමින් පවතී. වර්තමානයේ ව්යවසායකත්වය ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇත.
නවෝත්පාදන නිර්මාණය කිරීම ව්යවසායකත්වයෙහි දකින්නට ලැබෙන ප්රධානතම ගතික ලක්ෂණයක් වේ. ප්රවේශකාරී නිර්මාණශිලීත්වය නිසා බිහිවන නවෝත්පාදන ආර්ථිකය ඉදිරියට ගෙන යාමටත්, ඒ තුලින් තාක්ෂණික වෙනස්කම් හා සේවානියුක්තිය වැඩි කිරීමටත් හේතු වේ. ආර්ථිකයක ක්රියාත්මක වන ව්යවසායකත්ව නීතිය වෙනස්වීමේ නියමුවා ලෙස ක්රියාකරනු ලැබේ. මෙමඟින් ඵලදායි අදහස් නිර්මාණය කරන අතර, එය පවතින සම්පත් උපයෝජනය වර්ධනයට මෙන්ම මහ පරිමාණ ව්යාපාරවල ශ්රම සැපයුම පාලනය කිරීමට ද හේතු වේ. මේ නිසා සුළු පරිමාණ ව්යාපාර මගින් රැකියා උත්පාදනය කරන ප්රමාණය ක්රමයෙන් වර්ධනය වීමට හේතු වේ. නවීන තාක්ෂණික වෙනස්කම් මෙන්ම තොරතුරු තාක්ෂණයේ දියුණුව නිසා වර්තමාන හා අනාගත ගෝලීයකරණ ඉල්ලුම විශාල වෙනස්වීම් වලට පරිවර්තනය වෙමින් පවති. මෙම වෙනස්වීම් වලට ගැළපෙන ආකාරයට පරිවර්තනය වීම සෑම ආර්ථිකයකටම හැකියාව පැවතිය යුතුය. ගෝලීයකරණය හේතුවෙන් ඇතැම් රටවල් වර්ධනය වන අතර, ඇතැම් රටවල් බිඳවැටීම් වලට ලක් වේ. මෙම බිඳවැටීම් මෙන්ම, ක්ෂණිකව ඇතිවන ඉල්ලුමට සාර්ථකව මුහුණදීමේ හැකියාව ආර්ථිකයකට තිබිය යුතු වේ.
ව්යවසායකත්වය ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් වේ. මෙමගිින් ව්යාපාර බිහි වන නිසා රැකියා අවස්ථා උදා වේ. භාණ්ඩවල මිළ ගණන් අඩුවීම නිසා අඩු මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ. එමඟින් පාරිභෝගිකයන්ගේ ජීවන වියදම් අඩුවීමටත් ජීවන තත්වය උසස් වීමටත් හේතු වේ. නව භාණ්ඩ වෙළෙඳපොළට සැපයීමෙන් වෙළෙඳපොළ ප්රසාරණය වේ. මේ නිසා ව්යවසායකයන්ට ව්යාපාරික අවස්ථා උදාවේ. ව්යවසායකත්වය නිසා රටේ ජාතික ආදායම වර්ධනය වේ.
ආර්ථිකයක් දියුණුව කරා ගමන් කිරීමේදී ව්යවසායකත්වය ඉතා වැදගත් වේ. ආර්ථිකයක බිහි වූ නවෝත්පාදන එම කාලය තුළ කොතරම් ප්රමාණයක් වාණිජකරණය කරනු ලැබුවේද යන්න පිළිබඳ ව සොයා බැලීම වැදගත් වේ. කිසියම් රටක සම්ප්රදායික රාමුවකට නතු වී තීරණ ගැනීම හේතුවෙන් නිර්මාණශිලී අදහස් බිහි නොවේ. මේ නිසා නව අදහස්, නව දේවල් හා නව අවස්ථා නිර්මාණය නොවේ. මෙමගින් තර්කානුකූලව සිතීමට පෙළඹිමක් ද සිදු නොවේ. මෙවැනි බාධාවන් නිසාත් සම්ප්රදායිකව ආර්ථික කටයුතු සිදුවීම නිසාත් එක තැන රැදුන ආර්ථිකයක් බවට පත් වේ. ව්යවසායකත්වය මගින් නිර්මාණශිලීත්වය නිර්මාණය කරන අතර, එම සිතුවිලි ක්රියාත්මක කිරීම නවෝත්පාදනය මගින් සිදු කරයි. වේගයෙන් පරිවර්තනය වන ව්යාපාරික ලෝකයේ ව්යාපාරයක් ලෙස රැදි සිටීමේ අවස්ථාව නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය නිසා සිදු වේ. ව්යාපාරවල අඛණ්ඩ පැවැත්ම සඳහා නිර්මාණශිලී චින්තනය වැදගත් වේ. ගෝලීය වෙළෙඳපොළේ ව්යාපාරවල නව නිපයුම් රඳවා ගැනීමට ව්යාපාර ව්යුහය තුළ සුදුසු වාතාවරණයක් නිර්මාණය විය යුතුය. එමගින් නවෝත්පාදන තුළින් උපරිම ඵල නෙළා ගැනීමට අවස්ථාවක් උදා වේ. එලෙස සිදු නොවන අවස්ථාවල දී ව්යාපාරවලට වෙළෙඳපොළෙන් ඉවත් වීමට සිදු වේ. මේ නිසා උපක්රමශිලී කළමනාකරණයේ ශිල්ප ක්රම භාවිතයට ගැනීම සුදුසු වේ.
ව්යවසායකත්ව වර්ධනය තුලින් රටේ ජාතික නිෂ්පාදනය වර්ධනය වේ. එසේම රටේ ආර්ථික ඵලදායීතාවය වේගවත් වේ. අලුත් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට ප්රවිෂ්ඨ වේ. මෙමගින් වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිවී භාණ්ඩවල මිල ගණන් අඩු වේ. අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට භාණ්ඩ ඉල්ලුම් ව්යවසායේ තරගකාරීත්වය හා ඵලදායීතාව සැලකිල්ලට ගැනීමෙන් උසස් ජීවිත තත්වයක් ලබා ගත හැකිය. “ජාතියක් හොඳින් ජීවත්වීමට නම්, ජාතියක් හොඳින් නිපදවිය යුතුය” යනුවෙන් පවසනු ලබන්නේ මේ නිසාය. පොටර් (1980) විසින් පෙන්වා දෙන්නේ දිගු කාලයේදී ජාතියක ජීවන තත්වයේ ප්රධාන මිණුම් දණ්ඩ වනුයේ ඵලදායිතාව බවය. කිරීමට අවස්ථාව ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd