
ශ්රීලංකන් ගුවන් සේවය, 2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ප්රමුඛතම ජාත්යන්තර ගුවන් සේවය සඳහා වන පාරිභෝගික තේරීමේ කීර්තිමත් සම්මානයෙන් (Visitors’ Choice Award for Leading International Airline) යළිත් වරක් පිදුම් ලබා ඇත. කලාපීය සංචාරක සහ ප්රවාහන ක්ෂේත්රයේ තම අඛණ්ඩ විශිෂ්ටත්වය තහවුරු කරමින්, පසුගිය වසරවලදී මෙන්ම මෙවරද මෙම සම්මානය දිනා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය සමත් විය.
මෙවර සම්මාන උළෙලේදී මෙම අංශය යටතේ ඇගයීමට ලක්වූ එකම ජාත්යන්තර ගුවන් සමාගම වන්නේද ශ්රීලංකන් ගුවන් සේවයයි. 10 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල මේ මස මුලදී මාලදිවයිනේ මාලේ හි පිහිටි Hotel Barcelo Nasandhura හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මාලදිවයින් සංචාරක සහ ප්රවාහන ක්ෂේත්රයේ ප්රමුඛතම උත්සවයක් ලෙස සැලකෙන SATA සම්මාන උළෙල සඳහා රාජ්ය අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රිකයන් මෙන්ම ප්රමුඛ පෙළේ ගුවන් සමාගම්වල ජ්යෙෂ්ඨ නියෝජිතයන් ඇතුළු ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ පාර්ශ්වකරුවෝ රැසක් එක්ව සිටියහ.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්රධානී දිමුත් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය. ‘2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී මෙවැනි ඇගයීමක් ලැබීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. පාරිභෝගික තේරීමේ සම්මාන අතරින් ප්රමුඛතම ජාත්යන්තර ගුවන් සමාගම ලෙස නැවතත් සම්මානයට පාත්ර වීම, අපගේ මගීන්ට ලබා දෙන උසස් සේවාව සහ කලාපය තුළ අපගේ සක්රීය දායකත්වය අගය කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. අප පිරිනමන සංචාරක අත්දැකීම තවදුරටත් වර්ධනය කිරීමටත්, අප සේවය කරන වෙළෙඳපොළවල් සහ ජනතාව සමග ඇති සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙම සම්මානය අපට ලොකු ශක්තියක්.”
සිය සේවා විශිෂ්ටත්වයට අමතරව, ශ්රීලංකන් ගුවන් සේවය ලොව පුරා ගමනාන්ත රැසක් වෙත පහසු සබඳතා සහිත පුළුල් ගුවන් ගමන් මෙහෙයුම් ජාලයක් පවත්වාගෙන යයි. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල ගමනාන්ත 15 ක් වෙත සතියකට ගුවන් ගමන් 130 කට ආසන්න සංඛ්යාවක් ක්රියාත්මක කරයි. සංචාරකයන්ගේ අවශ්යතාවලට සරිලන පරිදි මනාව සැලසුම් කර ඇති ගුවන් ගමන් කාලසටහන් මගින්, ව්යාපාරික හෝ විවේක සංචාර සඳහා කොළඹට පැමිණෙන මෙන්ම කොළඹ හරහා ලොව පුරා වෙනත් ගමනාන්ත වෙත ගමන් කරන මගීන්ටද බාධාවකින් තොර ගුවන් සබඳතාවක් ශ්රීලංකන් ගුවන් සේවය සපයයි.
මෙම සම්මානයෙන් කලාපීය සංචාරක ක්ෂේත්රයේ ශ්රීලංකන් ගුවන් සේවයේ පැවැත්ම තවදුරටත් තහවුරු වන අතර, ගුණාත්මක සංචාරක අත්දැකීමක් ලබා දීමට සහ කලාපය පුරා සිටින සංචාරකයන් හා ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමග පවතින සබඳතා ශක්තිමත් කිරීමට ඇති කැපවීම නිරූපණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd