
කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයේදී දින 10ක් පුරා සෑම පැයකටම පොතක් තෑගි කරමින්, පොත් කියවීම සහ දැනුම සමාජය තුළ තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අපූරු වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙවර කටයුතු කළේය.
කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස එක්වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය සහභාගීත්වය හුදෙක් සන්නාම ප්රවර්ධන වැඩසටහනකට සීමා නොකරමින්, ප්රදර්ශනයට පැමිණෙන පාඨකයන් අතරට පොත් රැගෙන යන අර්ථවත් වැඩසටහනක් බවට පත් කළේය.
“සණස ලයිෆ් එක්ක සෑම පැයකට පොතක්” යන සංකල්පය යටතේ ක්රියාත්මක වූ මෙම වැඩසටහන මගින් ප්රදර්ශනය පැවති සෑම දිනකම සෑම පැයකටම එක් පොතක් බැගින් පාඨකයන් වෙත තිළිණ කෙරිණි. දැනුමේ නව මානයන් සොයා යාමටත්, කියවීම දෛනික ජීවිතයේ කොටසක් කරගැනීමටත් මෙය ප්රදර්ශනයට පැමිණි ජනතාවට ලබාදුන් සරල නමුත් වටිනා අවස්ථාවක් විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ අලෙවිකරණ ප්රධානී මහේෂ් වික්රමතුංග මහතා මෙසේ පැවසුවේය. “මෙවර පොත් ප්රදර්ශනයට අපේ සහභාගීත්වය සන්නාම ප්රවර්ධනයට පමණක් සීමා කරන්න අපට අවශ්ය වුණේ නැහැ. දින දහය පුරා පැයකට පොතක් තෑගි කිරීම හරහා කියවීම සමරන්නත්, බොහෝ පිරිසක් අප වටා සම්බන්ධ කරගන්නත් අපට අවශ්ය වුණා. සණස ලයිෆ් කියන්නේ මූල්ය සුරක්ෂිතතාව ගැන පමණක් කතා කරන ආයතනයක් නොවෙයි. වඩා හොඳ අනාගතයක් ගොඩනගන්න දැනුම, ඉගෙනීම සහ පුද්ගල සංවර්ධනයත් වැදගත්. ඒ නිසා වයස් භේදයකින් තොරව කාටත් විඳින්න පුළුවන් ආකාරයෙන් මේ අදහස් දෙක එකට ගෙන එන්න අපට අවශ්ය වුණා වගේම අපි ඉතා සාර්ථකව ඒ දේ සිදුකළා.”
මෙම වැඩසටහන ප්රදර්ශන භූමියට පමණක් සීමා නොකරමින් සණස ලයිෆ් සිය සමාජ මාධ්ය ඔස්සේද කියවීමට අවස්ථාවක් ලබාදෙන වැඩසටහනක් ක්රියාත්මක කළේය. තමන් වඩාත්ම කැමැති පොතේ නම සඳහන් කරමින් සහභාගී වීමට අවස්ථාව ලබාදුන් එම වැඩසටහනේදී තෝරාගත් ජයග්රාහකයන් තිදෙනකුට තමන් කැමැති පොත් තිළිණ කිරීමටද සණස ලයිෆ් කටයුතු කළේය.
මෙම වැඩසටහන හරහා පොත් ප්රදර්ශනයට පැමිණි පාඨකයන් සමඟ සමීපව සම්බන්ධ වීමට සණස ලයිෆ් වෙත අවස්ථාව ලැබුණු අතර, රක්ෂණ සේවාවෙන් ඔබ්බට ගොස් මහජනතාව සමඟ අර්ථවත් සබඳතා ගොඩනගා ගැනීමේ සිය කැපවීමද තවදුරටත් තහවුරු කිරීමට හැකි විය.
ජීවිතයේ අනපේක්ෂිත අවස්ථාවලට සූදානම් වීම මෙන්ම, දැනුමෙන් සන්නද්ධ වී ඉගෙනීමට, වර්ධනය වීමට සහ අලුත් දේ සිතීමට අවස්ථා නිර්මාණය කිරීමද අනාගතය සුරක්ෂිත කිරීමේ කොටසක් බව සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙම වැඩසටහන හරහා යළිත් සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd