කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


මුහුදු බඩ රැකියා විරහිත තරුණයන් ධීවර කර්මාන්තය සඳහා යොමුකරවීම සඳහා නොමිලයේ මරු වැල් ධීවර කර්මාන්තය පිළිබඳ පුහුණුවක් අද (16) පෙරවරු 8.30ට හික්කඩුව දොඩන්දූව ධීවර වරායේදී පැවැත්වේ.
මේ පුහුණුව පවත්වනුයේ 18-35ත් අතර වයසේ පසුවන තරුණයන් සඳහා පමණි.
ධීවර අමාත්‍යාංශය මේ වැඩසටහන මෙහෙයවනු ලබයි.
මෙම ධීවර පුහුණුව ලබන පිරිස වසර දෙකක් බහු දින ධීවර යාත්‍රාවල සේවයට අනුයුක්ත කරනු ලබන බවත් ඉන් පසු ඔවුනට විදෙස් ධීවර කර්මාන්තය සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදෙන බවත් ධීවර අමාත්‍යාංශය කියයි.