
මීරිගම විශේෂ පුෂ්ප කුමාර මල්ලව ආරච්චි
කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සවිබල ගන්වමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ප්රාදේශීය සංවර්ධන බැංකුව (RDB) දිවයින පුරා පිහිටි ග්රාමසේවා වසම් 14,014 ආවරණය වන පරිදි මාස 6කදී නව ව්යවසායකයන් 14,014 දෙනකු බිහිකිරීමේ හා සවිබල ගැන්වීමේ දැවැන්ත ජාතික වැඩසටහන ජනගත කිරීමේ සහ ණය ප්රදානය කිරීමේ විශේෂ උත්සවය කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත් 13 දා දිවුලපිටිය දී පැවැත්විණි.
මෙම ව්යාපෘතිය ප්රධාන කුලුනු හයක් මත පදනම්ව ‘‘ධීවර දිරිය” ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘‘කෘෂි නවෝදය” - කෘෂිකාර්මික ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘‘කුඹුරු විප්ලවය” - පළමු සම්පත් සංවර්ධනය, ‘‘ලියසවිය” - කාන්තා ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘‘හෙට ඔබට” - තරුණ ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ ‘‘ප්රභාතය” - උතුරු ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන ලෙස නම් කර ක්රියාවට නැංවේ.
මෙම වැඩසටහන යටතේ සෑම ග්රාමසේවා කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් ව්යවසායකයකුට හෝ අවම සීමාවකින් තොරව ඔවුන්ගේ අවශ්යතාවට ගැළපෙන ණය මුදල් ලබාදීමට පියවර ගනියි. ඊට අමතරව තාක්ෂණික දැනුම, මූල්ය සාක්ෂරතාව, වෙළෙඳපොළ සම්බන්ධීකරණය, නවීන තාක්ෂණික උපකරණ භාවිතය සහ මූල්ය කළමනාකාරීත්වය පිළිබඳ පුහුණු වැඩසටහන් ද ක්රියාත්මක කෙරේ.
විශේෂයෙන්ම ධීවර ක්ෂේත්රය ධීවර අමාත්යාංශයේ මැදිහත්වීමෙන් අඩු පොලී ණය යෝජනා ක්රම සහ ධීවර සමිති ශක්තිමත් කිරීම, කෘෂිකර්මය වී හා ධාන්ය වගා සඳහා අඩු පොලී ණය, කෘෂි උපකරණ ලබාදීම සහ සුළු අපනයන බෝග වගා ව්යාපෘති සඳහා වෙළෙඳපොළ සම්බන්ධීකරණය සැපයීම, කිරි ගොවිතැන උසස් තත්වයේ කිරිදෙනුන් මිලදී ගැනීමට සහ නවීන තාක්ෂණික උපකරණ සහිත කිරි ගොවිපොළ සකස් කිරීමට අඩු පොලී ණය ක්රම, අවිධිමත් ණයවලින් මුදාගැනීම අධිපොලී ණය නිසා අර්බුදකාරී තත්වයට පත්ව සිටින වගාකරුවන් සහ කූටුම්භ නිවැරදි බැංකු හුරුපුරුදු වෙත යොමුකරමින් නිවහල් කූටුම්බ බවට පත්කිරීම, කාන්තා හා තරුණ බලගැන්වීම කාන්තා ව්යවසායකයන්ගේ හැකියාවවර්ධනය කිරීම මෙන්ම ණය යෝජනා ක්රම හරහා නව තාක්ෂණයෙන් සහ මූල්ය සාක්ෂරතාවෙන් හෙබි බළකායක් නිර්මාණය කිරීම මෙන්ම ඩිජිටල්කරණය මුදල් රහිත ගනුදෙනු ප්රචලිත කිරීම සඳහා කිව්.ආර් සහ ඇප් පහසුකම් හඳුන්වාදීමද මේ යටතේ සිදුකෙරේ.
මෙම විශේෂ වැඩසටහන ජනගත කිරීමේ සහ ණය ප්රදානය කිරීමේ අවස්ථාවට ග්රාමීය සංවර්ධන බැංකුවේ සාමාන්යාධිකාරී / ප්රධාන විධායක නිලධාරී ආචාර්ය අසංග තෙන්නකෝන්, එම බැංකුවේ ජ්යෙෂ්ඨ අධ්යක්ෂ අශෝක බණ්ඩාර, ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය සමාවිෂ්ටන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දිල්හාන් ඩී. සිල්වා සහ ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ප්රදීප් ටී. ප්රනාන්දු, අංශ ප්රධානී ව්යාපාර මෙහෙයුම් කුමුදු ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd