HUTCH සමාගම, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමග හවුල්කාරිත්වයකට එළැඹෙමින්, මෙරට ප්‍රමුඛතම ඇගයීම් සහ සම්මාන උළෙල 04ක් සඳහා දායකත්වය ලබාදීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
ඒ අනුව, විකුණුම් කුසලතා අගයන National Sales Awards, ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදන අගයන SLIM Digi Awards, සාර්ථක සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා පිරිනැමෙන SME Development Awards සහ උපායමාර්ගික අලෙවිකරණ සාර්ථකත්වය අගයන Effie Awards සඳහා HUTCH  සමාගම සිය අනුග්‍රාහයකත්වය ලබාදෙනු ඇත. අලෙවිකරණයේ හොඳම භාවිතයන් සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම තුළ දේශීය ව්‍යාපාරවල ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වීමට HUTCH හි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වයෙන් මනාව පිළිඹිඹු වේ.
ශ්‍රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන SLIM, සිය ජාතික මට්ටමේ වැඩසටහන් හරහා ව්‍යාපාරික නායකයන්, අලෙවිකරුවන්, විකුණුම් වෘත්තිකයන්, ව්‍යවසායකයන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම ආයතනික තීරණ ගැනීමේ බලධාරීන් ඇතුළු විශාල වෘත්තීය ප්‍රජාවක් එකම වේදිකාවක් වෙතට එක්රැස් කරයි. 
එමෙන්ම SLIM සග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා HUTCH, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගන්වමින්, ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරයි. ඒ හරහා විකුණුම් හා අලෙවිකරණ ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය මෙන්ම ව්‍යවසායකත්වයේ විශිෂ්ටත්වය හඳුනා ගනිමින් එම ක්ෂේත්‍රවල සුවිශේෂී දායකත්වය සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට HUTCH කැපවී සිටියි. 
ලොව පිළිගත් ‘Fortune 500‘ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH සමාගම විශාල, කුඩා මෙන්ම ආරම්භක ව්‍යාපාර සඳහා පහසුවෙන් ලබාගත හැකි, පිරිවැය-කාර්යක්ෂම ආයතනික විසඳුම් ලබා දීමේ ආයතනික ප්‍රමුඛයෙකි.