මන්නාරම හේවින්ඩ් සුළං බලාගාර ව්‍යාපෘතියේ මෙගාවොට් 25 ක පළමු ටර්බයින තොගය ශ්‍රී ලංකාවට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඞ් ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited),, මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරායට සාර්ථකව පැමිණියේය.