
- මෙම ගුවන් සමාගම් දෙක Palyra සහ We Air ලෙස මෙහෙයුම් සිදු කරයි
- ගුවන් මෙහෙයුම් බලපත්‍රය (AOC) සඳහා මූලික පූර්ව අයදුම්පත් ඉදිරිපත් කරලා
- Palyra අභ්‍යන්තර ගුවන් ගමන්ද We Air ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයද සැලසුමයි
මෙරට තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර ගුවන් සේවාවක් ආරම්භ කිරිමට සහ මෙරට සිට ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සමාගම් දෙකක් උනන්දුවෙන් පසුවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව අදාළ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා එම සමාගම් දෙකෙහි ප්‍රධානීන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ ප්‍රධානීන් අතර එම අධිකාරියේ පරිශ්‍රයේදී පැවැත් වී තිබේ.
මෙම යෝජිත ගුවන් සේවා සමාගම් දෙක Palyra සහ We Air ලෙස නම් කෙරී තිබේ. ඔවුන්ගේ මූලික මෙහෙයුම් සැලසුම්වලට අනුව ඒ අතරින් Palyra ගුවන් සමාගම ATR 72 වර්ගයේ ගුවන්යානා යොදාගනිමින් ශ්‍රී ලංකාව තුළ පමණක් ක්‍රියාත්මක වන දේශීය (Domestic) ගුවන් ගමන් ජාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
We Air සමාගම Boeing 737-800 වර්ගයේ ගුවන් යානා භාවිත කරමින් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන (Cargo) ගුවන් ගමන් පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහිදී We Air ගුවන් සමාගම ආසියා පැසිෆික් කලාපය තුළ භාණ්ඩ ප්‍රවාහන ගුවන් මෙහෙයුම් සිදු කිරීමට නියමිතව සිටියි.
සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ගුවන් නිරුපද්‍රිතතාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් ලසන්ත දහනායක මහතා, යෝජිත නව ගුවන්සේවා සමාගම් දෙක වන Palyra සහ We Ai යන සමාගම් නියෝජනය කරමින් එම ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වී තිබේ.
දැනට ගුවන් මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) ලබාගැනීමේ මූලික පූර්ව අයදුම්පත් අදියරේ (Pre-Application Phase) පසුවන මෙම ගුවන්සේවා සමාගම් දෙකෙහි ව්‍යාපාරික සැලසුම්, යාත්‍රා බලඇණි, මෙහෙයුම් පද්ධති සහ අදාළ නියාමන හා නීතිමය ප්‍රමිති සපුරාලීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd