
- අඩු ආදායම්ලාභී ගර්භණී මවුවරුන් 50 දෙනකුට තෑගි
අකුරැස්ස - ප්‍රියන්ත දසනායක
අකුරැස්ස බලගල තේ කම්හල ආරම්භ කර වසර 15 සපිරීම නිමිත්තෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගර්භණී මවුවරුන් 50 දෙනකු වෙනුවෙන් සමාජ සත්කාරයක් ඉටුකළ බව බලගල තේ කර්මාන්ත ශාලා සමාගම කියයි.
සෑම වසරක් පාසා විවිධ පින්කම්වල නිරත වුවත් වසර 15 සපිරෙන දා පවතින ආර්ථික දුෂ්කරතා පිරි ගැබිනි මවුවරුන් 50 දෙනකු කැඳවා අංගසම්පූර්ණ ආහාර වේලක් ලබා දී අනතුරුව බිහිවන දරුවාට අවශ්‍ය සියලුම උපකරණ සහිත පාර්සල් ලබා දී උපන්දිනය සැමරීමට හැකිවීම ගැන සතුටු වන බව දේශාන් ගුණසේකර මහතා “ලංකාදීප”ට කීය.
මෙම අවස්ථාවට කර්මාන්ත ශාලා හා බලගල සමූහයේ කාර්ය මණ්ඩලය, අකුරැස්ස, අතුරලිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, තේ ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව ආශිර්වාද එක් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd