ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළෙඳසල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනයෙන්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී සහ දැරිය හැකි මිලකට මිලදී ගැනීමේ අවස්ථාව දැන් ලාංකික පාරිභෝගිකයන්ට උදා වී ඇත. 

මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම හරහා ලාංකීය පවුල් වෙත ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් ළඟා කර දෙන අතරම, පාරිභෝගිකයන්ට උසස් තත්වයෙන්, ගුණාත්මක භාවයෙන් සහ උපරිම වටිනාකමක් ලබා දීම වෙනුවෙන් SPARSri Lanka විසින් ගෙන යන වැඩපිළිවෙළෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

SPARSri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සෑමවිටම ලාංකික පාරිභෝගිකයන් වෙත උසස් ප්‍රමිතිය, හොඳම තේරීම සහ උපරිම වටිනාකම වඩාත් සාධාරණ අයුරින් ළඟා කර දීම අපගේ අරමුණයි.