- දුරකතන සේවා සමාගම් සිදුකළ දැන්වීම් වියදම රැ. බිලියන 9.7ක්
- රැ. බිලියන 6.20 ක වියදමක් දරමින් බැංකු හයවැනි තැන
- සුපිරි වෙළෙඳසල් සිදු කළ දැන්වීම් වියදම රැ.බි. 5ක්
2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මුල් මාස අටක කාලයේදී රූපවාහිනි, ගුවන්විදුලි සහ පුවත්පත් දැන්වීම් සඳහා වැඩියෙන්ම වියදම් කළ නිෂ්පාදන 10 අතරින් සියයට 70ක්ම වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) කාණ්ඩය වන බවත් ඉතිරි සියයට 30 සේවා කාණ්ඩය බවත් මාධ්‍ය සහ අලෙවිකරණය පිළිබඳ සමීක්ෂණ ආයතනයක් වන Mideation Integrated ආයතනය පවසයි.
ඒ අතරින් වැඩිම දැන්වීම් වියදමක් දරා ඇති FMCG කාණ්ඩය වන්නේ කිරිපිටි නිෂ්පාදනයි. එය රුපියල් බිලියන 9.87 ක් ලෙස සටහන් වෙයි. දෙවැනියට වැඩිම වියදමක් දරා ඇත්තේ සේවා කාණ්ඩයට අයත් වන දුරකතන සේවා සමාගම් වන අතර එය රුපියල් බිලියන 9.74 කි.
“කිරිපිටි අද වනවිට ලංකාවේ නිවෙස්වල ප්‍රධානතම භාණ්ඩයක් බවට පත්ව තිබෙනවා. එතැනදී තරගකාරීත්වය වැඩි නිසාම ඔවුන්ට වැඩි වේලාවක් මාධ්‍ය තුළ පෙනී සිටින්නට සිදුව තිබෙනවා. ඩිජිටල් යෙදවුම් වෙත යොමුවීමේ වර්ධනයත් සමගින් පාරිභෝගිකයන් පවත්වාගෙන යාමට ඔවුන්ට වැඩියෙන් දැන්වීම් සඳහා වියදම් කරන්නට සිදු වෙනවා.” Mideation Integrated ආයතනය පවසයි.
එසේම FMCG කාණ්ඩයේ මෝල්ට් අඩංගු ආහාරමය පාන තෙවැනි තැන පසුවන අතර ඔවුන් සිදුකර ඇති වියදම රුපියල් බිලියන 8.52 කි.
එම කාණ්ඩයේම විස්කෝතු නිෂ්පාදන රුපියල් බිලියන 6.39ක්ද, සබන් නිෂ්පාදන රුපියල් බිලියන 6.23ක්ද දැන්වීම් සඳහා වියදම් කරමින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල පසුවෙයි.
රුපියල් බිලියන 6.20ක දැන්වීම් වියදමක් සිදු කරමින් සේවා කාණ්ඩයේ බැංකු අංශය මෙහි හයවැනි ස්ථානයේ පසුවෙයි. හත් වැනි තැන පසුවන FMCG කාණ්ඩයේ ළදරු සබන් නිෂ්පාදන වසර තුළ මේ දක්වා සිදු කර ඇති දැන්වීම් වියදම රුපියල් බිලියන 6.05 කි.
මේ අතර සේවා කාණ්ඩය යටතේ සුපිරි වෙළෙඳසල්ද මෙම කාලසීමාව තුළ රුපියල් බිලියන 5.08 ක දැන්වීම් වියදමක් සිදු කරමින් අට වැනි ස්ථානයේ පසුවෙයි.
නව වැනි සහ දහවැනි ස්ථානවල පසුවන FMCG කාණ්ඩයේ ෂැම්පූ/ කන්ඩිෂනර් නිෂ්පාදන සහ දත් බෙහෙත් නිෂ්පාදන වසර තුළ සිදු කර ඇති දැන්වීම් වියදම පිළිවෙළින් රුපියල් බිලියන 3.95ක් සහ 3.75ක් ලෙස සටහන්ව තිබෙන බවත් Mideation Integrated ආයතනය වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd