මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් සිය සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම හරහා මිලදී ගෙන තිබූ Muller and Phipps (Ceylon) PLC සමාගමෙහි සියලු කොටස් හිමිකාරීත්වය අත්හැරි බව පවසයි. ඒ අනුව සම්පත් බැංකුව සමගින් පවත්වාගෙන ගිය ගිණුමක් සතුව තිබූ Muller and Phipps (Ceylon) PLC කොටස් 28,300,000ක් අලෙවි කර තිබේ.
තවත් ආයෝජන සමාගමක් වන Yaden Capital (පෞද්) සමාගම එම කොටස් මිලදී ගෙන තිබේ. එම සමාගමත් සම්පත් බැංකුවත් සමගින් පවත්වාගෙන යන ගිණුමක් ලෙස මෙම කොටස් මිලදී ගැනීම සිදු කර තිබෙන අතර, සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් අත්හැරි කොටස්වලට අමතරව වෙළෙඳපොළෙන් තවත් කොටස් 452,333ක් මිලදී ගැනීමටද Yaden Capital (පෞද්) සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම මිලදී ගැනීම් දෙක යටතේ Yaden Capital (පෞද්) සමාගම අත්පත් කරගත් කොටස් ප්‍රමාණය 28,752,333ක් වන අතර එය සමස්ත කොටස් අතරින් සියයට 10.16 ක ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 2.2 ක් බැගින් මිල කෙරී ඇති අතර ගනුදෙනුවේ වටිනාකම රුපියල් 63,255,133 කි.
මෙම Muller and Phipps (Ceylon) PLC සමාගම ඖෂධ බෙදාහැරීමේ නිරත සමාගමකි. එහි සියයට 51.26 ක කොටස් හිමිකාරීත්වයක් ඇත්තේ ඊ.බී. ක්‍රිසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමටයි. මෙම මිලදී ගැනීමත් සමගින් Yaden Capital (පෞද්) සමාගම එහි තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ. Yaden Capital (පෞද්) සමාගම මෙරට තුළ ඖෂධ, විද්‍යාගාර සහ සෞඛ්‍ය සේවා අංශවල නිරත වන Yaden International (Private) Limited සමාගමට අයත් ආයෝජන හස්තයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd