ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන NDB බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග පසුගිය 09 දා නිෂ්ප්‍රභ කර තිබේ. එම බැංකුව තුළ සිදු වූ බව කියන රුපියල් බිලියන 13.2 ක අභ්‍යන්තර මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අවසර ඉල්ලා අදාළ පෙත්සම ගොනු කර තිබී ඇත.
කෙසේ වෙතත් එම පෙත්සම 2007 අංක 7 දරන සමාගම් පනතේ 234(1) වගන්තිය යටතේ ඉදිරියට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය ලබා දී තිබේ. කොළඹ පදිංචි එම්. ත්‍යාගරාජා විසින් ගොනු කර තිබූ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස NDB බැංකුව සහ එහි අධ්‍යක්ෂවරුන්, බාහිර විගණකවරුන්ගේ හවුල්කරුවන් මෙන්ම සමාගම් ලේකම්වරයා නම් කර තිබුණි.
අදාළ වංචාව මගින් බැංකුවේ ගෙවීම් සහ පියවීම් මෙහෙයුම් තුළ මුරපද බෙදාගැනීම, අනවසර ප්‍රවේශය ඇතුළු බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා හෙළි කර ඇති බවත් ප්‍රමාණවත් ගිණුම්කරණය, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධති පවත්වා ගැනීමට වගඋත්තරකාර අධ්‍යක්ෂවරුන් අපොහොසත් වී ඇති බවට පෙත්සම්කරු සිය පෙත්සම මගින් දන්වා තිබේ.
NDB බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ වැඩිදියුණු කිරීම් පෙන්නුම් කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, අදාළ චෝදනා එල්ල වූ වංචාව සොයා ගැනීමෙන් පසු වගඋත්තරකාර අධ්‍යක්ෂවරුන් විසින් ගනු ලැබූ පියවර ද සලකා බැලූ විනිසුරුවරයා වගඋත්තරකාර බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අධීක්ෂණයට යටත් වන බවත්, මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් මහ බැංකුව එම අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අහිතකර ක්‍රියාමාර්ග නිර්දේශ කර නොමැති බවත් සඳහන් කර ඇත. ඒ අනුව විනිසුරුවරයා අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd