

ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL , 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Ational Project Management Excellence Awards – NPME Awards) සම්මාන 10 කින් පිදුම් ලැබීමට සමත් විය. විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය ඔස්සේ නිර්මාණශීලී අදහස් ප්‍රායෝගික හා ඵලදායී විසඳුම් බවට පත් කරමින්, සැබෑ ලෝකයේ අභියෝගවලට සාර්ථකව විසඳුම් ලබා දෙන අතරම, වඩාත් සුහුරු හා සම්බන්ධිත අනාගතයක් ගොඩනැංවීමට දායක වීම වෙනුවෙන් මෙම සම්මාන හිමි විය.
සම්මාන උළෙලේදී කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල්කරණය සහ යටිතල පහසුකම් වැනි කාණ්ඩ මෙන්ම විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර කාණ්ඩ යටතේ සම්මාන දිනාගනිමින්, සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී ආයතන අතරින් එකක් බවට පත්වීමට SLT-MOBITEL සමාගමට හැකියාව ලැබිණි.
SEA-ME-WE 6 කේබල් ඇතිරීමේ මධ්‍යස්ථානය සඳහා මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ උපකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන්, සම්මාන උළෙලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කාණ්ඩයේ විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය සඳහා වන රන් සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.
එමෙන්ම KITO AI සඳහා AI සහ දත්ත විද්‍යා කාණ්ඩය යටතේත්, VisionFlow AI සඳහා ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණ කාණ්ඩය යටතේත්, Workmate සඳහා ඩිජිටල්කරණ කාණ්ඩය යටතේත් සමාගම වෙත රිදී සම්මාන හිමි වූ අතර, LankaKonect සඳහා වසරේ විශිෂ්ටතම නවෝත්පාදනය කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය.
තවද Blitz AI සඳහා ඩිජිටල් පරිවර්තන කාණ්ඩයේ විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝකඩ සම්මානයක් සමාගම වෙත හිමි වූ අතර, විශිෂ්ටතම ව්‍යාපෘති කළමනාකරණයක් සහිත ආයතනය සඳහා වූ සම්මානය Sri Lanka Telecom PLC (SLT‑MOBITEL) වෙත හිමි විය.
මෙම සම්මානවලට අමතරව, Sense Grid සඳහා නිෂ්පාදන අංශයේ විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය සහ SLTravel සඳහා සංචාරක හා ආගන්තුක සත්කාර අංශයේ විශිෂ්ටතම ලෙස කළමනාකරණය කරන ලද ව්‍යාපෘතිය ලෙස කුසලතා සම්මාන දෙකකින්ද SLT-MOBITEL පිදුම් ලැබීය.
ඉහත සඳහන් සම්මානවලට අමතරව පුද්ගල ඇගයීමක් ලෙස, 2026 වසරේ විශිෂ්ටතම ව්‍යාපෘති කළමනාකරු සම්මානය SLT-MOBITEL හි ආයතනික පරිශ්‍ර කළමනාකරණ අංශයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත හිමි විය.
මෙම සියලු ජයග්‍රහණ, තාක්ෂණය ඔස්සේ කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කරන සහ, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි දේශයක් ගොඩනැංවීමට දායක වන විසඳුම් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දරන නිරන්තර උත්සාහයට ලැබුණු සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැක. ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී මෙලෙස දිගින් දිගටම ඇගයීමට ලක්වීම, සියලු ව්‍යාපෘති විශිෂ්ට ලෙස කළමනාකරණය කරමින් සෑම ක්ෂේත්‍රයකටම නව ප්‍රමිති මට්ටම් හඳුන්වා දීමට SLT-MOBITEL සමත් වී ඇති බවට මනා සාක්ෂියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd