ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි සහ පුල්මුඩේ යන ප්‍රදේශවල බහුලව පවතින ඛනිජ සම්පත් ඒ අයුරින්ම අපනයනය කිරීම වසර ගණනාවක සිට සිදු කෙරුණද, ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට නම් ඒවාට අගය එකතු කිරීමක් කළ යුතු බව දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඛනිජ වැලි කැණීම්වලදී මුහුණ දෙන ගැටලු පිළිබඳව ආයෝජකයන් සමග පැවැති සාකච්ඡාවේදි දිසාපතිවරයා මෙම කරුණු අවධාරණය කළේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ලබාදුන් උපදෙස් මත ලංකා ඛනිජ වැලි සංස්ථාව සහ අනෙකුත් අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් මෙම සාකච්ඡාව සිදු කළ අතර එහිදී ආයෝජකයන් කළ යෝජනා පිළිබඳව දිසාපතිවරයා ඛනිජ වැලි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එස්. සී. ජගත් මහතා වෙත එම අවස්ථාවේදීම යොමු කළේය. ඒ වැලි කැණීමට අවශ්‍ය තෝරාගත් භූමිය රජය සතු ඉඩම් හෝ රාජ්‍ය ආයතන සතු ඉඩම් නම් ඒවායෙන් අදාළ ඛනිජ මතුවිය හැකි ගැටලු පිළිබඳවත්, ඒවාට ගතහැකි විසඳුම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ අතර ඒ සඳහා අතිරේක දිසාපති (ඉඩම්) ජේ. ශ්‍රීපති මහත්මිය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් ශියාවුල් හක් මහතා, ලංකා ඛනිජ වැලි සංස්ථාවේ නිලධාරීන්, කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd