HNB ජාතික ආර්ථිකයේ කාන්තා සහභාගීත්වය සහතික කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පැවැත්වීය. මාර්තු 6 වැනි දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සහභාගී විය.