කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ලෝක ළමා දිනය නිමිත්තෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු අංශය පාසල් සිසුන්ට සිය පාසල් දිවියේදීම ඉතුරුම් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුම්වත් කර ඔවුනට ළමා ඉතිරි කිරීම් ගිණුම් ආරම්භ කර දීමේ වැඩසටහනක් බලපිටිය ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණ.
මීට මේ වැඩසටහනට සහභාගී වූ සියලුම පාසල් සිසු, සිසුවියන්ට නොමිලයේ ඉතුරුම් කිරීමේ කැට ලබාදීමද සිදු කෙරිණ. සිය ග්‍රාමීය බැංකුව මගින් ආරම්භ කරනු ලබන ළමා ඉතිරිකිරීමේ ගිණුම්වලට ලබාදුන් ඉතුරුම් කැටවල මුදල් පුරවා ඒවා ගෙනැවිත් තැන්පත් කරන ලෙසද මෙහිදී සිසු, සිසුවියන්ට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව අංශයේ සේවක සේවිකා විසින් උපදෙස් ද ලබා දෙන ලදී.
මේ අවස්ථාවට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිණී අචිනි මධුෂානි, ග්‍රාමීය බැංකු සේවා කළමනාකාරිණී දම්මි දීපානි, ග්‍රාමීය බැංකු අභ්‍යන්තර ගිණුම් පරීක්ෂිකා එම්. නිලූකා ද සිල්වා යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd