
- අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ත්‍රිකුණාමල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීම අරමුණයි
ත්‍රිකුණාමලය අමදෝරුඅමරජීව
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමක් ලෙස ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අඩංගු ප්‍රදර්ශනයක් දිසාපති කාර්යාල භූමියේදී පැවැත්වුණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක අපනයන සංවර්ධන මණ්ඩලය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සම්බන්ධ කරගෙන මෙම ප්‍රදර්ශනය පැවැත්වූ අතර, එයට සමගාමීව අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර නිෂ්පාදනය අලෙවි කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳව එක්දින පුහුණු වැඩමුළුවක්ද මෙහිදී පැවැත්වුණි.
ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කර එම නිෂ්පාදන පරීක්ෂා කළ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ,
ඉදිරියේදී ව්‍යවසායකයන් සාම්ප්‍රදායික කර්මාන්ත වලින් මිදී තාක්ෂණය මුසුවූ කාර්යක්ෂම හා ඵලදායි නිෂ්පාදන ක්‍රම භාවිතා කළ යුතු බවය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිසාපති ඩබ්. ජි. මහේෂ් හේමන්ත කුමාර, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක මංගල විජේසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd