
මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සිදුකරන මානුෂීය මෙහෙවර සහ සමාජ වගකීම් වැඩසටහන් අගය කරමින් Delmar Lanka (Pvt) Ltd හි Calin මාතෘ වැඩසටහන සඳහා International Humanity Special Gold Award 2026 සම්මානය හිමිව තිබේ.
Calin Baby Soap සහ Blute Baby Soap ඔස්සේ මව්වරුන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, මනුෂ්‍යත්වය සහ සමාජ මෙහෙවර වෙනුවෙන් දැක්වූ කැපවීම අගය කරමින් මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මෙම සම්මානය Delmar Lanka හි ජාතික විකුණුම් කළමනාකරු සුදාරක චිරන්ත මහතා විසින් Calin වෙනුවෙන් ලබා ගන්නා ලදී.
මෙම සම්මානය Calin ආයතනයේ එක් පුද්ගලයකුට පමණක් හිමි වූ ගෞරවයක් නොව, වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නායකත්වය, සහයෝගය සහ කැපවීම ලබාදුන් ආයතන කළමනාකාරීත්වය, නිලධාරීන්, සේවක මහත්ම මහත්මීන් සහ සියලුම සහයෝගී පාර්ශ්වවල සාමූහික ජයග්‍රහණයක් බව Calin පවසයි.
මව්වරුන්ගේ සහ දරුවන්ගේ ජීවිතයට යහපත් බලපෑමක් ඇති කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම මෙහෙවර, ඉදිරියේදීත් වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට Calin අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd