ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026  ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින වර්ණවත් අයුරින් පැවැත්විණි. 

මෙම සමුළුව ‘එකමුතු බව, තරගකාරී බව සහ වර්ධනය සඳහා සූදානම‘ යන තේමා පාඨය යටතේ පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME)  ක්ෂේත්‍රය නියෝජනය කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්, ව්‍යාපාරික නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ආයෝජකයන් සහ අනාගත ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු පාර්ශව සහභාගී විය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායන්ගේ වර්ධනයට හා සංවර්ධනය සඳහා සහාය වීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූ අතර, ක්ෂේත්‍රය පිළිබඳ නව දැනුම හා අවබෝධය ලබාගැනීම, තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සබඳතා ගොඩනගා ගැනීම, නව වෙළෙඳපොළ අවස්ථා සොයා බැලීම සහ ව්‍යාපාරික හවුල්කරුවන් හඳුනාගැනීමට මේ සඳහා සහභාගී වන්නන්ට අවස්ථාව හිමි විය. 

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඛණ්ඩව පුළුල් කරමින්, වර්ධනය කරා ළඟා වීමේදී එම ව්‍යාපාරික මෙහෙයුම් ආරක්ෂා කර ගැනීම ව්‍යාපාරික වර්ධනය ඉදිරියට ගෙන යාම හා සමානවම වැදගත් වේ. පූර්ව අවදානම් කළමනාකරණය සහ පුළුල් රක්ෂණයක සුරක්ෂිත බව, ව්‍යාපාරික කටයුතුවල තිරසර සාර්ථකත්වය සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සලසා දෙනු ලබයි.

Scale Up 2.0  සමුළුව සඳහා SLIC General  හි සහභාගීත්වයෙන් මෙරට ව්‍යවසායකයන් සහ ව්‍යාපාරික නායකයන් සමග සෘජුව සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සහ අභියෝග පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන් සකස් කළ සාමාන්‍ය රක්ෂණ විසඳුම් පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමටද එය දායක විය. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සඳහා සහාය වීම වෙනුවෙන් SLIC General  විසින් දක්වනු ලබන පුළුල් කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙස මෙම සහභාගීත්වය පෙන්වාදිය හැකිය. සමුළුවේදී සමාගම විසින් අනුගමනය කළ ප්‍රවේශය උපදේශාත්මක ස්වභාවයකින් යුක්ත වූ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර මුහුණ දෙන අවදානම් තත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු විකල්ප ඇගයීමටද සහාය වීම එහි ප්‍රධාන අරමුණ විය.

බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි වර්ධනය මැන බලනු ලබන්නේ නව වෙළෙඳපොළවල්, නව හවුල්කාරිත්ව සහ නව අවස්ථා මත පදනම්වය. කෙසේ වෙතත්, අනපේක්ෂිත අභියෝග මතු වන අවස්ථාවලදී, පරිශ්‍ර, යන්ත්‍රෝපකරණ, වාහන සහ මානව සම්පත ඇතුළුව මේ වන විටත් ගොඩනගා ඇති වත්කම් ආරක්ෂා කර ගැනීම කෙරෙහි යොමු වන අවධානය බොහෝ විට අවම වේ. 

තවද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යාප්ත වන විට, ඔවුන්ට මුහුණ දීමට සිදුවන අවදානම් පරාසය ද පුළුල් වේ. දේපළ හානි, ගිනිගැනීම්, ස්වාභාවික ආපදා, අනතුරු, වාහන ආශ්‍රිත සිදුවීම්, වගකීම් සම්බන්ධ අවදානම්, ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇතිවන අපහසුතා මෙන්ම, අනපේක්ෂිත වෙනත් සිදුවීම් ද ඊට ඇතුළත් වේ. 

පුළුල් රක්ෂණ ආවරණයක් මගින් මෙවැනි අනපේක්ෂිත බාධා හේතුවෙන් ඇතිවන මූල්‍ය බලපෑම්වලට සාර්ථකව මුහුණ දෙමින්, ව්‍යාපාරික කටයුතු විශ්වාසයෙන් යුතුව අඛණ්ඩව පවත්වාගෙන යාමට ව්‍යාපාරවලට හැකියාව ලැබේ. එමගින් එක් අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දිගුකාලීන ව්‍යාපාරික ප්‍රගතිය අඩාළවීම වළක්වා ගත හැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාමාන්‍යයෙන් ව්‍යාපාරික පරිශ්‍ර, යන්ත්‍රෝපකරණ, උපකරණ, තොග සහ වාහන වැනි වත්කම් සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කරයි. මෙම වත්කම්වලට සිදුවිය හැකි අලාභ හා හානිදායක තත්වයන් හේතුවෙන් ඇතිවන මූල්‍ය අවදානම අවම කරමින්, ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය ආරක්ෂාව රක්ෂණය මගින් සපයනු ලබයි.