
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, නල්ලූර් උත්සවයට සමගාමීව දින 10ක විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය.
සංස්කෘතික හා ආගමික වශයෙන් විශාල වැදගත්කමකින් යුත් නල්ලූර් උත්සව සමයේ යාපනය ප්‍රදේශයේ ජනතාව සමග පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම එහි ප්‍රධානතම අරමුණ විය. ජීවිත රක්ෂණය සහ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට 7,000කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩසටහනේ පළමු දින 5 තුළ චුන්නාකම්, චංකානයි, නාවට්කුලි, කොකුවිල් සහ ගුරුනගර් යන ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී Janashakthi Life නියෝජිතයෝ ප්‍රදේශවාසීන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින්, අර්ථවත් සංවාද ඔස්සේ ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් එම ජනතාව දැනුවත් කළහ.
වැඩසටහනේ ඉතිරි දින 5 තුළ Janashakthi Life කණ්ඩායම විසින් නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ විශේෂ ප්‍රවර්ධන කුටියක් පවත්වාගෙන යන ලදී. නල්ලූර් උත්සවයට සහභාගී වීමට පැමිණි බැතිමතුන්ට සහ අමුත්තන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක එම කුටිය ස්ථාපිත කර තිබිණි. එම කුටියට පැමිණි පුද්ගලයන්ට ජීවිත රක්ෂණය පිළිබඳව පුළුල් මගපෙන්වීමක් ලබාදුන් Janashakthi Life නියෝජිතයෝ, ඔවුන්ට වඩාත් හොඳින් ගැළපෙන ජීවිත රක්ෂණ විසඳුම් හඳුනා ගැනීමට සහය වූහ.
Janashakthi Life හි 32 වැනි සංවත්සර සැමරුම සහ රක්ෂණ මාසය සැමරීමේ වැඩසටහන්වල කොටසක් ලෙස මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. උතුරු පළාතේ ඉහළම සංස්කෘතික වැදගත්කමකින් යුත් උත්සවයක් වන නල්ලූර් උත්සවය කේන්ද්‍ර කරගත් මෙම වැඩසටහනේදී, උතුරු අර්ධද්වීපයේ ජනතාව සහ නල්ලූර් කන්දසාමි කෝවිල අතර පවතින ආධ්‍යාත්මික හා සමාජීය බැඳීමද විශේෂයෙන් සැලකිල්ලට ගෙන තිබිණි. දීර්ඝ ඉතිහාසයක් ඇති නල්ලූර් උත්සවයට රට පුරා මෙන්ම ලොව පුරා වෙසෙන බැතිමත්හු දහස් ගණනක් සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd