පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම, සිය පාරිසරික වගකීම්, වගවීම සහ තිරසාර වාර්තාකරණයේ විනිවිදභාවය හා තිරසරභාවය පිළිබඳ සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ISO 14064 -1 : 2018  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සිදු කරන ලද හරිතාගාර වායු (GHG)  සත්‍යාපන ප්‍රකාශයක් ලබා ගන්නා ලදි. 

මෙම (GHG)  සත්‍යාපනය පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පෞද්ගලික) සමාගම (SLCF)  විසින් සිදුකර ඇති අතර, එමගින් සමාගමේ පාරිසරික බලපෑම ක්‍රමානුකූලව මැනීම, කළමනාකරණය කිරීම සහ වාර්තා කිරීම සඳහා පීපල්ස් ලීසිං සමාගම දරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු වේ.

අදාළ GHG  සත්‍යාපන සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීම 2026 සැප්තැම්බර් 24 වන දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු සම්භාවනීය මහත්ම මහත්මීන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. 

ස්වාධීන සත්‍යාපනය මගින්, පීපල්ස් ලීසිං සමූහයේ ආයතනික මට්ටමේ GHG  විමෝචන ඇගයීම  ISO 14064-1:2018  ප්‍රමිතියේ අවශ්‍යතාවලට අනුකූලව සකස් කර ඇති බවත්, එය ISO 14064-3:2019  ප්‍රමිතියට අනුව ස්වාධීනව සත්‍යාපනය කර ඇති බවත් තහවුරු කරයි. 

මෙම GHG  ඇගයීම පීපල්ස් ලීසිං සමූහයේ මෙහෙයුම් පාලනය යටතේ පවතින ව්‍යාපාරික ක්‍රියාකාරකම් පුළුල් පරාසයකින් ආවරණය කරයි. ඒ අතර පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාලය, ශාඛා 112ක්, වාහන අංගණ 06ක්, නිවාඩු නිකේතන 02ක් සහ අනුබද්ධ ආයතන 06ක් ඇතුළත් වේ. 

එම අනුබද්ධ ආයතන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සහ එලායන්ස් ෆයිනෑන්ස් පීඑල්සී (බංග්ලාදේශය) ඇතුළත් වේ.