කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර 


මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගත් සිසුන් 26 දෙනකු ඇගයීම සඳහා කටුපොත ලංකා බැංකුව සංවිධානය කරන ලද ඇගයීමේ උත්සවයක් ඉකුත්දා කටුපොත සසිප්මා අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සිසුන් ලංකා බැංකුවේ රන් කැකුළු ගිණුම් ආරම්භ කර පවත්වාගෙන යන අතර මෙම දරුවන්ගේ ජයග්‍රහණය අගයමින් මෙදින ඔවුනට ත්‍යාග සහතිකපත් හා පදක්කම් ප්‍රදානය කරන ලදි.

කටුපොත ලංකා බැංකුවේ කළමනාකරු ධම්මික ධර්මකීර්ති මහතාගේ මගපෙන්වීම යටතේ එම බැංකුවේ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සවිධානය කරතිබූ අතර කටුපොත සසිප්මා අධ්‍යාපන ආයතනයේ අයතනාධිපති ප්‍රවීණ විද්‍යා අාචාර්ය උමයංග හේරත් මහතාද එක්විය. ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ පූර්ණිමා විජේකෝන්, සාලින්ද මල්ලව ආරච්චි හා සුමුදූ අධිකාරී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.