ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)  ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නකු වශයෙන් Sumathi IT ආයතනය, මේ වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. 
‘තාක්ෂණය ඇසුරින් විශ්වාසය මත ගොඩනැගී විශිෂ්ටත්වයේ විසිපස් වසරක්’ යන තේමාව යටතේ සිය 25 වැනි සංවත්සරය සමරන SIT ආයතනය, සිය ගමන්මග තුළ ගනුදෙනුකරුවන් සමග ගොඩනගාගත් දිගුකාලීන සබඳතා මෙන්ම තාක්ෂණික හවුල්කරුවන් සමග පවත්වාගෙන යන ශක්තිමත් හවුල්කාරීත්වයෙහි වැදගත්කම අවධාරණය කරනු ලබයි. 2001 වර්ෂයේ සිට ක්‍රියාත්මක වනSumathi IT  ආයතනය, මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පරිවර්තනය වන තාක්ෂණික අවශ්‍යතාවලට අනුව හැඩ ගැසෙමින් දත්ත මධ්‍යස්ථාන, ව්‍යවසාය ජාලකරණය, තොරතුරු ආරක්ෂණය, ස්මාර්ට් යටිතල පහසුකම්, ඒකාබද්ධ සන්නිවේදනය, End-User Computing කළමනාකරණ සේවා මෙන්ම Geospatial සහ UAV ඉංජිනේරු තාක්ෂණය ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ සිය තාක්ෂණික විශේෂඥතාව පුළුල් කරගෙන තිබේ. Sumathi IT ආයතනයේ සේවා සැපයීම තනි තාක්ෂණික නිෂ්පාදනවලට පමණක් සීමා නොවන අතර, ආයතනික අවශ්‍යතා හඳුනා ගැනීම සහ උපදේශන මට්ටමේ සිට විසඳුම් සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, ප්‍රශස්තකරණය සහ අඛණ්ඩව සහාය ලබාදීම දක්වා විහිදී පැතිරේ.
ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමග ගොඩනගාගෙන ඇති හවුල්කාරිත්ව ඔස්සේ Sumathi IT හි තාක්ෂණික හැකියාව තවදුරටත් වර්ධනය වී ඇති අතර, එම වර්ධනය වන විශේෂඥතාව තහවුරු කරන සුවිශේෂී ජයග්‍රහණ රැසක් ද Sumathi IT ආයතනය අත්පත් කරගෙන තිබේ. 2023 වසරේදී Juniper Networks’ Partner of the Year සම්මානයෙන් පිදුම් ලැබූSumathi IT, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DJI Dock  3 හඳුන්වාදීමට ද සමත් විය. එමෙන්ම 2026 වසර සඳහා Networking සඳහා ශ්‍රී ලංකාවේ එකම HPE Gold Partner ලෙසද Sumathi IT පිළිගැනීමට ලක් වූයේය DJI Dock 3 හඳුන්වාදීමත් සමග ස්වයංක්‍රීය පද්ධති, භූගෝලීය බුද්ධි තාක්ෂණය සහ උසස් ඉංජිනේරු යෙදුම් ඇතුළු නවීන තාක්ෂණික ක්ෂේත්‍ර වෙත සිය මෙහෙයුම් පුළුල් කිරීමටද Sumathi IT පියවර ගෙන තිබේ.
මෙම සුවිශේෂී කඩඉම පිළිබඳව අදහස් දක්වමින් Sumathi IT හි ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග මහතා මෙසේ පැවසීය.
‘විසිපස් වසරක් පුරා මෙරට ව්‍යාපාරයන්ගේ වර්ධනයටත්, පරිවර්තනයටත් අඛණ්ඩ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමටත් හැකිවන පරිදි නවීන තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සඳහා Sumathi IT කැප වී කටයුතු කරනවා. අපගේ ගමන්මග හැඩගැස්වීමට ගනුදෙනුකරුවන් විසින් අප කෙරෙහි තැබූ විශ්වාසය, අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම මෙන්ම මේ දක්වා අප විසින් ගොඩනගාගත් ශක්තිමත් හවුල්කාරීත්ව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.’’