

අලුයම කලපුවකින් ඇදෙන කුඩා ධීවර බෝට්ටු සමූහයක චිත්‍රයක් මවාගන්න. සෑම බෝට්ටුකරුවෙක්ම අසීරුවෙන් පැද යති. එකෙකු ගල් පරය දෙසට ඇදෙන අතර තවෙකෙක් කඳු ගැටය වෙත යති. තුන්වැන්නෙක් උණුහුම් නොගැඹුර සමීපයේ රැඳී සිටින්නට පැද යයි. දහවල් වන විට මුළු දිනයේම ශක්තිය දහනය කළ බෝට්ටු සමූහය ගිය තැනක් නොමැත්තේය. මන්ද යත් කිසිවකු කොහේ යන්න දැයි එකඟතාවකට නොපැමිණි බැවිනි. මෙම කලපුවේ පරිමාණය ජාතික ආර්ථිකයක ප්‍රමාණයට ගළපා ගත් විට, පසුගිය දශක තුන තුළ ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය කොතැනට ඇදී ගියේද යන්න පෙන්වා දෙන සාධාරණ සිතුවමක් ඔබට ලැබේ.

සෑම දිසාවටම යොමු වූ බෝට්ටු
ශ්‍රී ලංකාවට කාර්මික ප්‍රතිපත්ති දුසිම් ගණනක් තිබුණු බව පෙනී ගියත්, හරියටම බැලුවහොත් ශ්‍රී ලංකාවට කාර්මික ප්‍රතිපත්තියක් තිබුණේම නැත. තැනෙක තීරු බදු නිදහස් කිරීමය. තවත් තැනක ආරක්ෂිත ගාස්තුවකි. තවත් විටෙක එක් අංශයකට ණය යෝජනා ක්‍රමයකි. තවත් විටෙක රාජ්‍ය ව්‍යවසායය මතුව එයි. නොමැත්තේ කර්මාන්තවලට සහයෝගය දී ආරක්ෂා කරන්නේ කුමටද යන පැනයට පිළිතුරුය. එතෙර ට වැඩි ප්‍රමාණයක් විකුණා ගැනීමටද? රැකියා උත්පාදනය කරගැනීමටද? ආනයන ආදේශනයටද? රජයේ විවිධ හස්ත එම පැනයට නිහඬව පිළිතුරු දෙන්නේ වෙනස් වෙනස් ආකාරයටය. එහි ප්‍රතිඵලය එක් එක් අංශ පුරා විසිර ගොස් ඇත්තේ ආ ගිය තැනක් සොයා ගත නොහැකිවයි.
මුදල් සහ ආරක්ෂාව සැබැවින් කොහේ යන්නේ දැයි ඔබ බැලූ විට ඊට පැහැදිලි සාක්ෂි දිස්වේ. මේ වසරේ ලෝක බැංකුවෙන් ප්‍රසිද්ධියට පත්කර ඇති පර්‌යේෂණයකින්, 2022 පටන් දකුණු ආසියාවේ හඳුන්වා දී ඇති අලුත් ප්‍රතිපත්ති පියවරවලින් නිෂ්පාදන කර්මාන්ත අවශෝෂණය කර ඇත්තේ දළ වශයෙන් අඩක් වග සොයාගෙන ඇත. එම කලාපය තුළ රැකියාවල නිරත වන්නන්ගෙන් සෑම හත් දෙනකුටම එක් අයෙක් නිෂ්පාදන කර්මාන්තයන්හි යෙදී සිටියත් උදා වී ඇත්තේ මෙම තත්වයයි. ඒ අතර තුර ප්‍රතිපත්තිමය අවධානය අවම වශයෙන් යොමු වූ කෘෂිකාර්මික අංශ නොවන කොටස පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ රැකියා වර්ධනයේ සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත. සරල වචනයෙන් කිවහොත් අප ලහි ලහියේ ආරක්ෂා කළ අංශ සැබවින්ම මිනිසුන් රැකියාවල යෙදවූ අංශ නොවූයේය. වෙළෙඳ අංශය පවසන්නේ ඊටත් වඩා ශෝකාකූල කතාවකි. දකුණු ආසියානු රටවල ආණ්ඩු ආනයන සීමා කළ විට ආනයන පහත වැටිණි. දිරි දීමනා හරහා ඔවුන් අපනයන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දැරූ විට අපනයන ඵලදායි ලෙස ඉහළ ගියේ නැත. අප පවුරු ඉදිකිරීම කදිමට කළද, නැව් තැනීමේදී අපි අන්ත දුර්වලයෝ වීමු.
2023 - 2027 කාලය උදෙසා වූ පස් අවුරුදු ක්‍රමෝපාය සැලැස්මේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය සැබෑ ඉලක්ක තබාගත් බව 2024 ජූලි මාසයේදී නිවේදනය කෙරිණි. 2030 වන විට දළ දේශීය නිෂ්පාදනයේ, නිෂ්පාදන කර්මාන්තවල දායකත්වය සියයට 16 සිට සියයට 20 දක්වා නැංවීම, දළ දේශීය නිෂ්පාදනයේ කාර්මික අපනයන දායකත්වය සියයට 14 සිට සියයට 20 දක්වා නැංවීම සහ ශ්‍රම බලකායේ ව්‍යවසායකත්වයේ නියැලීම් සියයට 2.8 සිට සියයට 7 දක්වා දෙගුණ කිරීම, එම ඉලක්කවලට අයත් වූයේය.
එම නිවේදනය සිදුකර වසර දෙකක් ගත වූ තැන, 2027 අයවැය අභිමුවේ පවත්වන සාකච්ඡාවලදී, වර්තමාන ප්‍රවේශය සාර්ථක නොවූ බව රජය දැනුවත් වී තිබේ. දඹුල්ලේ ඉංගිරියේ, වාලච්චේනියේ, මිල්ලනියේ සහ කටුනායක. බොහෝ කලක පටන් ප්‍රමාදයට ලක්වන කාර්මික කලාප පිළිබඳව නිලධාරීහු සමාලෝචනය කරති. ඉඩම් වෙන්කර ගැනීම, සහ යටිතල පහසුකම් සම්බන්ධ අභියෝග, සහ සංකීර්ණ ලෙස පැතිරී ඇති ආයතන ජාලය ව්‍යවසායකත්ව සහ කර්මාන්ත පරිවර්තන අධිකාරියක් ලෙස නම් කෙරෙන තනි නව ආයතනයක් බවට ඒකාබද්ධ කළ යුතුද යන්න පිළිබඳව සලකා බැලීම, ආදී කරුණු නිසා ප්‍රමාද වූයේය. එය හේතු සහගත සහජ බුද්ධියකි. එසේවුවද, බෙදා හදාගත් ජාතික ඉලක්කයකින් තොර කාර්මික කලාප පැවතීම, බෝට්ටු නවතා තැබීම සඳහා වූ වෙරළ තීර මිස, බෝට්ටුවලට අනුගමනය කිරීමට, නිශ්චිත මඟක් හෝ දිශාන්තියක් පෙන්වා දෙන තැන් නොවන්නේය.
වරක් විශ්වාස නොකළ උපකරණයක්, ලෝකයා නැවත සොයා ගනී
ශ්‍රී ලංකාව කාර්මික ප්‍රතිපත්තියක් ගැන නැවත සිතා බැලීම සඳහා මේ මොහොත තෝරා ගන්නේ අහම්බයකින් නොවේ. මිහි මත සෑම ආර්ථිකයක්ම පාහේ මෙම කටයුත්ත කරනුයේ භූ දේශපාලනයට වඩා පොත්වල සඳහන් ආර්ථික විද්‍යාවෙන් වැඩියමක් කරන්නට නැති නිසාය. වෙනස් වීමේ වේගය වඩා වේගවත්ය. 2020 පටන් එක්සත් ජනපදය චීනය යුරෝපා සංගමය සහ මෙම උපකරණ වඩාත් ක්‍රියාකාරීව භාවිත කරන්නන් වූ ඇතැම් ආසියානු ආර්ථික සමග ලෝ පුරා ආර්ථික ප්‍රතිපත්තිමය මැදහත් වීම් දෙගුණ වූයේය. වොෂින්ටනයේ චිප්ස් හා විද්‍යා පනතත්, උද්ධමන අඩුකිරීමේ පනතත් දීර්ඝ කාලීන ඇමරිකානු නීතියේ කාර්මික ප්‍රතිපත්තිය තුළට කාවද්දනු ලැබුවේය. දශකයක් තරම් දීර්ඝ බෙයිජිං හි 2025 Made in China වැඩසටහන, විද්‍යුත් වාහනවල සිට බැටරි දක්වා සමස්ත ගෝලීය සැපයුම් දාම නැවත හැඩගන්වනු ලැබුවේ වෙළෙඳ හවුල්කරුවන් ගේ එකට එක කිරීමේ ක්‍රියා ඒ නිසා එල්ල වෙද්දීම ය. මෑතකදී කළ ඇස්තමේන්තුවකට අනුව බැටරි තාක්ෂණය උදෙසා පමණක් චීන රජයේ සහනාධාර, තනි අවුරුද්දක සමස්ත ගෝලීය බැටරි කර්මාන්තයේ ආදායමෙන් සියයට තිහකට ළංවූයේය.
සාධාරණීකරණයද වෙනසකට ලක්වූයේය. දශකයකට පෙර චීන රජය මෙම මැදිහත් වීම් වෙනුවෙන් පෙනීසිටියේ, ප්‍රධාන වශයෙන්, ආර්ථිකමය හේතු පදනම් කරගෙන, ළදරු කර්මාන්ත, වෙළෙඳපොළ අසාර්ථකවීම් සහ රැකියා නිසාය. මේ වන විට, ආරක්ෂාව, ඔබගේ දුරකථනයට අවශ්‍ය චිප්ස් නිෂ්පාදනය කරන්නේ කුමන රටද, ඔබගේ දුරකථනයට අවශ්‍ය ඛනිජ පාලනය කරන්නේ කුමන රටද, යුද ගැටුමක් පුපුරා ගිය කළ පළමුව බිඳී යන්නේ කුමන සැපයුම් දාමයද ආදිය ගැන සැලකිලිමත් වෙමින් කතා කිරීම වැඩිවී තිබේ. කාර්මික ප්‍රතිපත්තිමය මැදිහත්වීම්, තනිකර ආර්ථිකමය කරුණුවලට වඩා වෙළෙඳ සීමාකරණ සහ ආරක්ෂාව පදනම් කරගත් සාධාරණීකරණය කෙරෙහි විශ්වාසය තබාගෙන කරන බව 2025 වසර වන විට පර්‌යේෂකයන්ට පෙනී ගියේය. එය ආර්ථික කළමනාකරණය මෙන්ම වඩාත්ම භූදේශපාලනික ස්ථානගත වීම සඳහා භාවිත කරන බවට සංඥාවකි.
දකුණු ආසියාව මෙම රැල්ලට වඩාත් උනන්දුවෙන් සම්බන්ධ වූයේය. 2016 සහ 2019 අතර සහ 2022- 2025 අතර සාමාන්‍යය දකුණු ආසියානු රටක් අලුත් කාර්මික ප්‍රතිපත්ති හඳුන්වාදීම් සංඛ්‍යාවෙන් දෙගුණයක් තරම් සිදු කළේ, සාමාන්‍යයෙන්ම නැගී එන ආර්ථිකයක් අභිබවා යමින්, ඊට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් ඉදිරියට යමිනි. මෙය අශුභ ආරංචියක්ම නොවන්නේය. එහෙත් එකී ලෝකබැංකුවේම පර්‌යේෂණයකින් අනතුරු අඟවා සිටින්නේ මෙම කලාපය ඉහත විස්තර කළ දෝෂයන් මහා පරිමාණයෙන් නැවත සිදුකරමින් පවතින බවය. එහිදී කරනුයේ තරගකාරී අපනයන ගොඩනැගීමට වඩා දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කිරීමකි. වැඩි ප්‍රතිපත්තිමය ක්‍රියාකාරකම් විදේශ වලින් වැඩිපුර ඩොලර් ඉපයීමක් බවට පරිවර්තනය වී නැත.
ඩොලර් හිඟ පාඩු දිවයිනකට, දිශානතියක් වඩා වැදගත් වන්නේ ඇයි
බොහෝ රටවලට මෙය ලැබුණු අවස්ථාවක් මගහරවා ගැනීමකි. ශ්‍රී ලංකාවට මෙය ව්‍යුහාත්මක අනතුරකට සමීප වීමකි. මන්දයත් ප්‍රතිපත්තිමය කතාවලට එක් සංඛ්‍යාවක් නිසා කලාතුරකින් යොමුවන බැවිනි. සරලව කිවහොත් රටට ප්‍රමාණවත් විදේශ විනිමය නැත. 2025 දී අපනයන වාර්තාගත ඉහළ යාමක් සිදුවුවත්, ඩොලර් බිලියන 2කටත් වැඩි වියදමක් වාහන ආනයනයට පමණක් වැය කර ඇති නිසා ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය දළ වශයෙන් ඩොලර් බිලියන 7.9 දක්වා පුළුල් වූයේය. 2026 ජූලි මාසයේ අගවන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.6 ක රැඳී පැවතුනේ මහ බැංකුවේ ක්‍රියාකාරී ඩොලර් මිලදී ගැනීමෙන් ගොඩ නගාගෙනයි. අර්බුද පැවති අවුරුදුවල ප්‍රමිතියෙන් ගත්විට එය ගෞරවනීය තත්වයකි. එසේ වුවද, එම ප්‍රමාණයෙන් සෑහෙන තරම් කොටසක් හුවමාරු ණය ඇතුළු කෙටිකාලීන බැඳීම්වලට අසුවී තිබේ. එම නිසා විදේශ වෙත ගෙවීමට සංචිත සැබැවින් ප්‍රමාණවත් නොවන්නේය. ඉදිරි වසර ගණනාව පුරා ස්ථාවර ඩොලර් ආදායමක් අවශ්‍ය කරන, ණය බරට සාපේක්ෂව එම සංචිතවලින් සපයන්නේ සීමිත ආරක්ෂාවකි.
කුමන කර්මාන්තයකින් සහයෝගය ලැබෙන්නේද යන්න ගැන සිතා ශ්‍රී ලංකාව හැඩ ගැසිය යුත්තේ එම නිසාය. දේශීය වෙෙළඳපොළ වෙත පරිභෝජන භාණ්ඩ සාදනු ලබන කර්මාන්තයක් කෙතරම් දේශපාලන වශයෙන් ඵලදායි වුවත් ඒවායින් කිසිදු විදේශ විනිමයක් ඉපැයෙන්නේ නැත. එම නිසා එවැන්නකින් 2022 සිදු වූවාක් වැනි බිඳ වැටීමට ආසන්න තත්වයක් පැමිණියහොත් රටේ පීඩා එවැන්නකින් ඉහිල් වන්නේ නැත.
අපනයන ඇඟලුම්, සකස් කළ ආහාර, පිඟන් භාණ්ඩ, බෝට්ටු සෑදීමේ සංරචක, ව්‍යාපාර සේවා වැනි කර්මාන්තවලින්, රටකට ආනයන ඉන්ධන, ණය ගෙවීම, ආදියට අවශ්‍ය සංචිත ගොඩනැගීම සඳහා භාවිත කෙරෙන ඩොලර් ඉපයීම සිදුවේ. මෙම දෙවර්ගයේම කර්මාන්ත ආවරණය වන පරිදි ප්‍රතිපත්තිමය ආරක්‍ෂණ සහ සහනාධාර අද දවසේ මෙන් පෘථුල ලෙස ලබා දුන්නද, රට ඇද බැඳ තිබෙන ගැටලු නිරාකරණය කර ගැන්ම සඳහා වූ ක්‍රියාකාරකම් උදෙසා, භාවිත කළ හැකි මූල්‍ය බලය ඒවායින් නොලැබෙන තරම්ය. ශ්‍රී ලංකාව සඳහා නිසි කාර්මික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම යනු හුදෙක් ජයග්‍රාහකයන් තෝරා ගැනීම පිළිබඳ කර්තව්‍යක් නොව, ලෝකයට අලෙවිය සිදු කරන ජයග්‍රාහකයන් තෝරා ගැනීමකි. ආර්ථිකය ව්‍යුහාත්මක වශයෙන් දෙපාරක් වරද්දාගත යුතු නොවීමට එයට එක් හේතුවකි.
දිශානතියක් තෝරා ගත් රටක්
වියට්නාමය මීට හාත්පසින් වෙනස් නිශ්චිත ඵලදායි තත්වයක් පෙන්නුම් කරයි. පරම්පරා ගණනකට පෙර ලංකාව හිමි කර ගත් තත්වයට නොවෙනස් තත්වයක සිටි වියට්නාමය දශක දෙකක යුද ගැටුම්වලින් පසු දිළිඳු ගොවිජනයාගෙන් සමන්විත රටක් වූයේය. 2018 දී වියට්නාමයේ නායකත්වය, 2030 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් කර්මාන්තවල දායකත්වය සියයට 40 ක් ඉක්මවා යා යුතු බවට විශේෂිත රාජ්‍ය ඉලක්කයකින් හෙබි කාර්මික සංවර්ධන ප්‍රතිපත්තියක් සකස් කරනු ලැබීය. එම භාරයෙන් වැඩි කොටසක් දැරිය යුත්තේ සැකසුම් හා නිෂ්පාදනවලින් වන අතර ආනයන ආදේශනයට වඩා අපනයනයට විශේෂයෙන් ප්‍රමුඛතාව එහිදී ලබා දී තිබේ.
වියට්නාමයේ කාර්මික උපායමාර්ග සහ ඉන් අනතුරුව 2018 විසඳුම් හා ආංශික සැලසුම්වලිනුත්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, යන්ත්‍ර සූත්‍ර, ඇඟලුම් නැත්නම් හා මෝටර් රථ සංරචක සහ පාවහන් නිෂ්පාදන ය කළයුතු අනු අංශ ලෙස නම් කරනු ලැබීය.
වෙළෙඳාමට අදාළ සංඛ්‍යා ලේඛනවල එහි ප්‍රතිඵල දිස්වේ. වියට්නාමයේ ඉලෙක්ට්‍රොනික අපනයනවල වටිනාකම පමණක් 2015 දී ඩොලර් බිලියන 46 ක් ව තිබී 2025 අග වන විට ඩොලර් බිලියන 150 දක්වා තුන් ගුණයකට වඩා දශකයක් තුළ ඉහළ ගියේය. දැන් එය රටේ සියලුම අපනයනවලින් තුන්වැනි ස්ථානයට ආසන්නව තිබේ. වියට්නාමය මේ වන විට ලෝකයේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනය කරන ඉහළම රටවල් දහයට එක්ව තිබේ. මේ කිසිවක් වියට්නාමයට අසාමාන්‍ය ලෙස ඉබේ ලැබුණු ඒවා නොවේ.
එසේ වූයේ ආණ්ඩුව අපනයන කුඩා සංඛ්‍යාවක් තෝරා ගත් නිසාත්, එම එක් එක් අංශයන්ට අදාළ බලශක්තියත් නිපුන ශ්‍රමයත් උකහාගෙන මාර්ග සහිත කාර්මික කලාප ගොඩනැගූ නිසාත්ය. ධනවත් වෙළෙඳපොළවල ප්‍රවේශයේදී නිෂ්පාදකයන්ට තීරු බදු රහිතව ලැබෙන වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ නිසාය. ඉන් පසු අඛණ්ඩව තනි පක්ෂයක නායකත්වය යටතේ දශකයකට සමීප කාලයක් තනි තනි අමාත්‍යවරුන්ගේ මාරු වීම්වලට භාජන නොවී ආරක්ෂාවී සැලසුමකට අනුව කටයුතු කළ නිසාය. මෙම ක්‍රමෝපාය නායකත්ව මාරුවීම්වලින් ආරක්ෂා වූයේ එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස කිසිම තනි අමාත්‍යවරයකුගේ ප්‍රවේණියකට බද්ධ නොවී ආරක්ෂා වූ නිසාය.
මෙම කතාවේ සීමා ගැන අවංක වීම වඩා වටනේය. වියට්නාමයේ අපනයන ඉපයීම්වලින් විශාල කොටසක් තවමත් ගලා යන්නේ දේශීය ආයතනවලට වඩා විදේශීය බහුජාතික සමාගම් හරහා ය. මෙතෙක් දුරට වියට්නාමීය සැපයුම්කරුවන් වෙත මෙතෙක් මාරුවී ඇත්තේ සරල තාක්ෂණය පමණක් වග පර්‌යේෂකයන් සොයාගෙන තිබේ. නිවැරදි අංශ තෝරා ගෙන ඒවා පිටතට යොමු කිරීම අත්‍යවශ්‍ය වන මුත්, එය පමණක් ප්‍රමාණවත් නොවේ. දේශීය ආර්ථිකයෙන් වැඩි අගයක් කාලයක් සමග ග්‍රහණය කරගන්නේද යන්න සහතික කර ගැනීම ඊළඟ අසීරු පරිච්ඡේදයයි. මෙම කතාවේ අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව පාඩමක් උගත යුතුය. එනම් තනි ඉලක්කයක් තබා ගැනීමේ ශික්‍ෂණය සහ එය අල්ලා හිටීමත්, ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කම්හල් ආකර්ෂණය කර ගැනීමේ වරද සිදුවන්නට නොවී පරෙස්සම් වීමත්ය.
ශ්‍රී ලංකාවේ කොම්පාසුව නිසි අතට තබා ගැනීම
මේ කිසිවක් සඳහා ශ්‍රී ලංකාවට අලුතෙන් යමක් හඳුන්වාදිය යුතු නොවේ. අවශ්‍ය වන්නේ තෝරා ගැනීමයි. මේ වන විටත් ක්‍රියාකාරකම් අතොළොස්සකින් රටේ අපනයන ඩොලර් ආදායම් උපයා ගනී. තේ සහ ශීඝ්‍රයෙන් වර්ධනය වන තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර සැකසුම් අංශය සමග, ඇඟලුම් පමණක් වාණිජ අපනයනවලින් වැඩි කොටසකට දායක වේ. නිසියාකාර සැලසුම් කළ ප්‍රතිපත්තියකින් ජාතික වශයෙන් ප්‍රමුඛතාව දිය යුතු අංශ තෝරා ප්‍රසිද්ධියේ ඒ සඳහා කැපවිය යුත්තේ ණය ගෙවීමද ඉලක්ක කරගෙනයි. මෙම තෝරා ගත් අංශවල තරගකාරීත්වය එතෙර දී වැඩි කරනු පිණිස මේ වන විට සමාලෝචනයට භාජන වී ඇති කාර්මික කලාප, යෝජිත පරිවර්තන අධිකාරිය, බදු සහන, නිපුණතා පුහුණුව, වරාය සහ සම්පාදන සඳහා වූ ආයෝජන යොමු කළ යුතු වන්නේ හුදෙක් දේශීය වශයෙන් සාර්ථක කරවීමෙන් ඔබ්බට යොමු වෙමිනි.
මෙම තල්ලුවම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායවලට හෝ සෑම කාර්මික අංශයකටම යොමු කරවීමට පොළොඹවන, සුළු බවක් අයවැයට පෙර පවතින වර්තමාන සාකච්ඡා වලදී, පෙනී යන නමුත් ඊට (එම පෙළඹීමට) එරෙහි විය යුතුය. දේශීය පරිභෝජන වෙළෙඳපොළ ඉලක්ක කරගෙන මෙහෙයුම්වන අසාර්ථක කර්මාන්තවලට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ ඒවායේම යහපත තකාය. ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය ඒවායින් පිරිමැසෙන බව සලකා අපනයන නිෂ්පාදන ක්‍රමෝපායේ සැලැස්මක් ලෙස ඒවාට සැලකිල්ල යොමු නොකළ යුතුය. කර්මාන්ත කීයක් ලියාපදිංචි කළේද යන්න මත සාර්ථකත්වය මැනිය යුතු නොවේ. සාර්ථකත්වය මැනිය යුතු වන්නේ එම කර්මාන්ත වලින් අමතරව ඩොලර් කීයක් වසරක් පාසා රැගෙන එන්නේද යන්න මතය.
බෝට්ටු සමූහයේ උපමාවෙන් තවත් පාඩමක් ලබාදෙයි. පතළ සාගරයට මුලින්ම පිවිසෙන්නේ වෙර දමා හබල් ගැසූ අය සිටි බෝට්ටුවම නොවේ. විවෘත ජලතලාවට මුලින්ම පිවිසෙන්නේ හබල් දෑතට ගැනීමට පෙර එකඟතාවක් ඇති කරගත් කාර්ය මණ්ඩලය සිටිනා බෝට්ටුවයි. කොයි දිසාවට යාත්‍රා කළ යුතුද යන්න තීරණය කළෝ ඒ බෝට්ටුවේ සිටි අයයි. ශ්‍රී ලංකාවට ශක්තියෙන්, අභිප්‍රායෙන්, ව්‍යවසායකත්ව දක්ෂතාවෙන් හිඟයක් නැත. ශ්‍රී ලංකාවට නැත්තේ කොයි දෙසට යායුත්තේද යන එකඟතාවයි. දස අතේ හබල්ගාමින් රටේ ආර්ථිකය හැම දිසාවටම යාත්‍රා කරවීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ වර්ධනය එක තැන ඇණ හිටීමයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd