- භූමියේ අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2027 ජනවාරියේදී
- ආයෝජකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඒකීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්
උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි එම මණ්ඩලය පවසයි.
ඒ අනුව, ආයෝජකයන් සඳහා ඉඩම් වෙන්කිරීම් විවෘත කිරීම 2026 නොවැම්බර් මස අවසානය වන විට ශ්‍රී ආයෝජන මණ්ඩලය විසින් සිදු කිරීමට නියමිත අතර, එම භූමියේ අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධන කටයුතු 2027 ජනවාරි මස ආරම්භයේදී ආරම්භ කිරීමට ද නියමිතය.
එම මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් පසුගියදා උතුරු පළාතේ සංචාරයක නිරත වෙමින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් සහ ආයෝජකයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතා වෙත පිවිස තිබේ.
මෙම සංචාරය අතරතුර ආයෝජන මණ්ඩල ප්‍රධානීන් පළාතේ ආයෝජකයන් සමග ද සාකච්ඡා පවත්වා තිබේ. ආයෝජන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉඩම් තක්සේරුකරණය හා වෙන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හා ඒකාකාරී ක්‍රියා පටිපාටි, අදාළ රාජ්‍ය ආයතන වෙතින් අනුමැතිය හා නිෂ්කාශන ලබාගැනීම කඩිනම් කිරීම සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ආයෝජකයන් පෙන්වා දී තිබේ.
ඒ අනුව ආයෝජකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ඒකීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් (a Single point Coordination Mechanism) ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා යෝජනා කර තිබේ.
මේ අතර 2026 නොවැම්බර් මාසයේදී ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සහ ආයෝජක සංගම් සඳහා දැනුවත් කිරීමේ සහ ආයෝජන ප්‍රවර්ධන සංචාරයක් සංවිධානය කිරීමටද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කටයුතු කරන බව පවසයි.
පරන්තන් සහ කන්කසන්තුරේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව කාර්මික කලාප ඇතුළුව උතුරු පළාතේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ආයෝජකයන්ට ඍජු අවබෝධයක් ලබාදීම එහි අරමුණ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd