• සමස්ත වත්කම් අගය රු. බිලියන 450 ඉක්මවයි
  • 2026 දී පිලිපීනයටත් සිය මෙහෙයුම් පුළුල් කිරීමේ සැළැසුමක

කළමනාකාර අධ්‍යක්ෂ 
නිරෝෂන් උඩගේ

එල්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම වසරේදී සිය වර්ධනීය ගමන් මගේ වසර 55 ක් සපුරයි. වසර ගණනක් පුරා එම සමාගම පරම්පරා ගණනක ආයෝජන විශ්වාසය හිමිකර ගන්නා අතරම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට අතහිත දෙමින් ද, ව්‍යවසායිකාවන් බලගන්වමින් ද මෙරට ව්‍යාපාරික හා වැඩ කරන ජනතාවගේ දියුණුව වෙනුවෙන් සිය නොමඳ දායකත්වය ලබා දී තිබේ. 

රථවාහන ලීසිං, මූල්‍යකරණ සේවා, රන් ණය, නිවාස ණය, අධ්‍යාපන ණය, පෞද්ගලික ණය, ණය සාධනය, කාරක ප්‍රාග්ධන ණය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු විවිධාංගීකරණය වූ මූල්‍ය විසඳුම් පෙළක් එල්බී ෆිනෑන්ස් සමාගම පිරිනමයි. 

තවද ලියකියවිලිවලින් තොරව මූල්‍ය සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ‘එල්බී සන්මිත’ ණය පහසුකම තවදුරටත් පුළුල් කිරීමට ද එම සමාගම අවධානය යොමුකර තිබේ. ඊට අමතරව, ඉස්ලාමීය මූල්‍ය සේවා ඇතුළු විකල්ප මූල්‍ය විසඳුම් රැසක් ද එල්බී ෆිනෑන්ස් සමාගම පිරිනමයි. 

එල්බී ෆිනෑන්ස් යනු මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතර විශාලතම බදු දායකත්වය ලබා දෙන සමාගමයි. ජාතික ආදායම් උත්පාදනයට සහ ආර්ථික සංවර්ධනයට එම සමාගමේ ඇති වැදගත්කම මෙමගින් වඩාත් පැහැදිලි වේ. සමාගමේ අඩු පිරිවැයට - ආදායම් අනුපාතය මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව පිළිබිඹු කෙරෙන අතර, පුළුල් ශාඛා ජාලය සහ 5,000 ක් ඉක්මවූ ශ්‍රම බලකාය මගින් සමාගමේ ශක්තිය මනාව විදහා පායි. 

2026 ජූනි මාසය අවසන් වන විට සමූහයේ සමස්ත වත්කම් අගය රුපියල් බිලියන 450 ඉක්මවා තිබූ අතර, සමාගමේ අඛණ්ඩ වර්ධනය සහ ශක්තිමත් මූල්‍ය තත්වය එමගින් නිරූපණය වේ. 

ඩිජිටල් පරිවර්තනය, එල්බී ෆිනෑන්ස් ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. LB CIM පහසුකම එම පරිවර්තනීය වෙනස සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. ඩිජිටල් ඩෙබිට් කාඩ්පත, Tap-to-Pay සහ AI තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් ණය පහසුකම් ආදී නවෝත්පාදන සේවා රැසක් LB CIM හරහා හඳුන්වා දීමට සමාගමට හැකි විය. 2026 LankaPay Technnovation සම්මාන උළෙලේදී එල්බී ෆිනෑන්ස් සමාගමට වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම් විසඳුමට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමිවූයේ, ඩිජිටල් ගෙවීම්, මූල්‍ය අන්තර්කරණය සහ පාරිභෝගික පහසුව තුළ විදහා පෑ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කරමිනි. තවද, AI තාක්ෂණය මත පදනම් වූ පෞද්ගලික ණය පහසුකම සඳහා, 2026 ජාතික AI සම්මාන උළෙලේදී බැංකුකරණ, මූල්‍ය සහ රක්ෂණ අංශයේ විශිෂ්ටතම AI විසඳුමට හිමි රිදී සම්මානය හිමිකර ගැනීමට ද එල්බී ෆිනෑන්ස් සමාගම සමත් විය. ඩිජිටල් නවෝත්පාදනය සහ මූල්‍ය විසඳුම් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා එම සමාගම පෙන්නුම් කරන අඛණ්ඩ කැපවීම එමගින් තවදුරටත් තහවුරු කෙරිණි.

එල්බී ෆිනෑන්ස් ගමන්මග ලංකාවට පමණක් සීමා නොවුණි. 2017 දී LB Microfinance Myanmar මියන්මාරයේ පිහිටුවමින් එම සමාගම පළමුවරට විදේශීය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර එතැන් සිට මේ දක්වා ශාඛා 20 ක් දක්වා වර්ධනය වී තිබේ. අග්නිදිග ආසියාවේ වර්ධන ගමන්මගේ තවත් පියවරක් ලෙස 2026 දී පිලිපීනයේ ද මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ, Multi Finance PLC සමාගම අත්කර ගනිමින් එල්බී ෆිනෑන්ස් සමාගම මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. ඒ අතර, Associate Motor Finance Company PLC (AMF) සමාගම අත්කර ගැනීමත් සමග එල්බී ෆිනෑන්ස් සමාගමේ යතුරුපැදි ලීසිං අංශය තවදුරටත් ශක්තිමත් විය. 

ශක්තිමත් පරිපාලනය, අනුකූලතාව සහ මූල්‍ය විනය එල්බී ෆිනෑන්ස් සමාගමේ පදනමයි. A-(lka) ජාතික දිගුකාලීන ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් ද, Lanka Rating Agency (LRA) ආයතනයේ A+ ස්ථාවර ණය ශ්‍රේණිගත කිරීමක් ද එල්බී ෆිනෑන්ස් සමාගම සතු වේ. 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධාන කරනු ලබන TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ආයතනික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් එල්බී ෆිනෑන්ස් සමාගම ඇගයුමට පාත්‍ර වී තිබේ. ඒ අනුව, 60 වැනි TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී එම සමාගම ආයතනික වාර්තාකරණය, විනිවිදභාවය සහ වගවීම වෙනුවෙන් 8 වැනි වරටත් මූල්‍ය සහ ලීසිං අංශයේ රන් සම්මානය හිමිකර ගත්තේය. 

යුරෝපයේ සංවර්ධන මූල්‍ය ආයතනවල මෙන්ම බලපෑම් සහගත ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කර ගනිමින් එල්බී ෆිනෑන්ස් සමාගම Norfund, Swedfund, Blue Orchard Finance, Enabling Qapital සහ responsAbility Investments AG යන ආයතන හරහා විදේශීය අරමුදල් සම්පාදනය කර ගැනීමට සමත් විය. 

සිය ESG ක්‍රමෝපායික සැලසුමට අනුව එල්බී ෆිනෑන්ස් සමාගම තිරසර සහ වගකීම් සහගත ව්‍යාපාර කෙරෙහි දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සිටී. 2026 වසරේදී එම සමාගම 2030 වසර දක්වා තිරසර ඉලක්ක ඇතුළත් කරමින් ESG මාර්ග සිතියම 2.0 හඳුන්වා දීමට කටයුතු කළේය. තවද, ISO 14001:2015 පාරිසරික කළමනාකරණ පද්ධති සහතිකය හිමිකරගත් මෙරට ප්‍රථම බැංකු නොවන මූල්‍ය සමාගම බවට පත්වීමට ද එම සමාගම සමත් වූයේය. තවද, පාරිසරික වගකීම සහ තිරසර වර්ධනය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් එම සමාගම, දකුණු ආසියාවේ ප්‍රථම කාබන් උදාසීන වාර්ෂික වාර්තා ක්ෂුද්‍ර අඩවිය හඳුන්වා දීමට ද කටයුතු කළේය.