නිමල කොඩිතුවක්කු 


ප්‍රජා ශක්ති ‘ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට් - යාපනය මුහුදු මාර්ගය සඳහා නව යාත්‍රාවක් සේවයේ යෙදවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

යාපනය අර්ධද්වීපයේ, විශේෂයෙන්ම ප්‍රධාන භුමිය සහ ඩෙෆ්ට් වැනි බාහිර දූපත් අතර ආරක්ෂිතව සහ එකවර මගින් වැඩි සංඛ්‍යාවක් රැගෙන යාම සඳහා පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගී සමුද්‍රිය ප්‍රවාහනය පවත්වා ගෙන යාම අභියෝගයක් බවට පත්ව තිබේ. 

ඒ සඳහා වන විසඳුමක් වශයෙන් ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ ඩෙෆ්ට් - යාපනය මුහුදු මාර්ගය සඳහා මගීන් 150 දෙනකු පමණ එකවර ප්‍රවාහනය කළ හැකි යාත්‍රාවක් (Sea Ferry) සේවයේ යෙදවීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, අදාළ මගී ප්‍රවාහන යාත්‍රාව සීමාසහිත සීනෝර් පදනම මඟින් නිෂ්පාදනය කරවාගෙන, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති ඩෙෆ්ට සංවර්ධන සමිතිය හරහා යාත්‍රාවේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත්, එමඟින් උපයනු ලබන ආදායම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා යොදා ගැනීමටත් වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.