ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (07) යළිත් එක්සත් ජනපද ඩොලර් 100 ඉක්මවීය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.1 ක් ලෙස සියයට 1.54 කින් ඉහළ ගොස් තිබූ අතර, WTI බොරතෙල් බැරලකය මිල සියයට 1.24 කින් ඉහළ යමින් ඩොලර් 90.56 ක් ලෙස සටහන් විය.
මෙහිදී යේමනයේ හූති සටන්කරුවන් සෞදි අරාබියේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ මිසයිල ප්‍රහාර සමගින් තෙල් සැපයුමට ඇති වූ බාධා මෙලෙස බොරතෙල් මිල ඉහළ යැමට හේතුව ලෙස හඳුනාගෙන තිබේ.
මේ අතර G7 සාමාජික රටවල්ද සිය සංචිතයෙන් ඩීසල් සහ බොරතෙල් බැරල් මිලියන 100ක් නිදහස් කරන බව පැවසුවත් එය පැහැදිලි නැතැයි විශ්ලේෂකයෝ සඳහන් කරති. G7 රටවල මෙම තීරණයත් සමගින් පෙරේදා (06) බැරලයක් ඩොලර් 100ට වඩා අඩුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd