රේණුකා සමූහයට අයත් ගෝල්ෆේස් කැපිටල් පාට්නර්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.95 ක (1,958,214,304) මුදලක් රැස් කර ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලු‍තින් ඡන්ද හිමි කොටසක් හිමිවන ලෙස මෙම නිකුතුව සැලසුම් කර තිබේ. ඒ අනුව අලු‍තින් නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 122,388,394 කි. එක් කොටසක් රුපියල් 16ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.95 කි.

මෙලෙස රැස් කෙරෙන මුදල් හරහා කෙටිකාලීන බැංකු ණය පියවීම, කෙටිකාලීන සමාගම් අතර ණය පියවීම සහ අනාගත ආයෝජන සඳහා අරමුදල් සැපයීම සිදු කෙරෙන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.