විමුක්ති එස් රුද්‍රිගු


නානකාමර හා මුළුතැන්ගෙයි උපකරණ, සනීපාරක්ෂක උපාංග, නවීන නානකාමර විසඳුම් ආනයනය හා අලෙවියෙහි නිරත බ්ලිස්වින් පෞද්ගලික සමාගම සිය නවතම ප්‍රදර්ශනාගාරය ‘බෙලෝරා ස්ටුඩියෝ’ නමින් පසුගියදා නාවලදී විවෘත කළේය.

වසර කීපයක වෙළෙඳපොළ අත්දැකීම් සහිත එම සමාගම ජාත්‍යන්තර වෙළෙඳ නාම රැසක මෙරට සුවිශේෂී නියෝජිතයා ලෙස කටයුතු කරයි.

හෝටල්, නිවාස, මහල් නිවාස, වාණිජ ගොඩනැගිලි, රෝහල් සහ විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය නානකාමර සහ මුළුතැන්ගෙයි ජල කරාම, සනීපාරක්ෂක උපකරණ, නානකාමර උපාංග මෙන්ම ජලනළ සම්බන්ධක නිෂ්පාදන රැසක් මෙම ප්‍රදර්ශනාගාරයේදී මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත. පහසුවෙන් පැමිණීමට වාහන නැවැත්වීමේ පහසුකම්ද බ්ලිස්වින් සමාගම පාරිභෝගිකයන්ට සලසා තිබේ.

ඉතාලියේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම වන රෙමර්, ගෝමන්, සෙරමිකා ඇල්තියා සහ ෆ්ලෙක්ස් ඉටලි මෙන්ම චීනයේ ඉන්ස්පයර් සන්නාමයේ නිෂ්පාදනද එහිදී ලබාගත හැකිය. වසර 1965දී ආරම්භ කළ රෙමර් සමාගම රටවල් 120කට අධික සංඛ්‍යාවකට සිය නිෂ්පාදන බෙදාහරින අතර ගෝමන් සමාගම වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ආරක්ෂිත නානකාමර උපකරණ නිෂ්පාදනය කරයි. ඇල්තියා සමාගම නවීන සෙරමික් සනීපාරක්ෂක උපකරණ නිෂ්පාදනයටත්, ෆ්ලෙක්ස් ඉටලි සමාගම ජලනළ සඳහා නම්‍යශීලී සම්බන්ධක නිෂ්පාදනයටත් විශේෂත්වයක් දක්වයි.

මේ අතර රටවල් 30කට අධික සංඛ්‍යාවකට නිෂ්පාදන අපනයනය කරන ඉන්ස්පයර් සන්නාමය නවීන මෝස්තර සහ තාක්ෂණයෙන් යුත් නානකාමර උපකරණ සපයයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ ජලනළ පද්ධතිවල තාක්ෂණික තත්ත්වයන්ට ගැළපෙන නිෂ්පාදන තෝරාගැනීම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක සහාය ලබාදීමටද බෙලෝරා ස්ටුඩියෝ ප්‍රදර්ශනාගාරය කටයුතු යොදා ඇති බව බ්ලිස්වින් සමාගම සඳහන් කරයි.