• ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93 ක මුළු වටිනාකමක්මාස 12 ක කාලයකට ටොන් 420,000ක්

නිමල කොඩිතුවක්කු 


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා 2027 වර්ෂය වෙනුවෙන් එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (+20%) ක ප්‍රමාණයක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 04 ක් ලැබී ඇත. 

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන, M/s OQ Trading Limited වෙත 2027-01-01 වන දින සිට මාස 12 ක කාලයක් සඳහා, එල්.පී.ජී. (ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්) මෙට්‍රික්ටොන් 420,000 (20%)ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව (අවම වශයෙන් මෙට්‍රික්ටොන් 336,000ක සහතික කළ ප්‍රමාණයක් සහිතව) සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිල + මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93 ක මුළු වටිනාකමකට (රක්ෂණය, ෆැල්කුලි සහිත (CIF) මිලකට) ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.