
- විසඳා ගැනීමෙන් පසු ඉංගිරිය ප්රදේශයේ නව අධි තාක්ෂණික කුළුබඩු සැකසුම් කර්මාන්ත පරිශ්රයක්
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්රවේශය (NIRDC), ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග සම්බන්ධීකරණයෙන්, අගය එකතු කළ අපනයන නැඹුරු කුළුබඩු, ඔලියෝරෙසින්, සගන්ධ තෙල් සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන HDDES එක්ස්ට්රැක්ට්ස් (පෞද්) සමාගම සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අතර අතිරේක ගිවිසුමක් (Supplementary Agreement) ඉකුත්දා අත්සන් කරන ලදී.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා ඇති NIRDC ඒකකයේ සක්රීය මැදිහත්වීම මත, ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එක්ව මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීමට පැවති නීතිමය හා පරිපාලනමය ගැටලු විසඳා ගනිමින්, වසරකට අධික කාලයක් ප්රමාද වී තිබූ මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 26.3ක විදේශ ඍජු ආයෝජනය (FDI) සාර්ථක කර ගැනීමට අදාළ සමාගමට හැකියාව ලැබුණි. මෙම ගැටලු විසඳා ගැනීමෙන් පසු, එම සමාගම පුළුල් කිරීමක් ලෙස, හොරණ ආයෝජන ප්රවර්ධන කලාපයට නුදුරින් පිහිටි ඉංගිරිය ප්රදේශයේ නව අධි තාක්ෂණික කුළුබඩු සැකසුම් කර්මාන්ත පරිශ්රයක් ඉදි කිරීම සඳහා මෙම අතිරේක ගිවිසුම අත්සන් තැබිණි.
යෝජිත කර්මාන්තශාලාව කුළුබඩු සැකසුම්වලට අදාළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කරන සහ තත්ව සහතික කරන පර්යේෂණාගාර සංකීර්ණයකින් ද සමන්විත වේ.
මෙම ව්යාපෘතියෙන් රැකියා උත්පාදනය, දේශීය කුළුබඩු සැපයුම්කරුවන් සඳහා අවස්ථා ලබා දෙමින් ග්රාමීය ආදායම් ශක්තිමත් කිරීම සහ රටට අත්යවශ්ය විදේශ විනිමය ඉපයීම වැනි කරුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යාංශයේ ලේකම් සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික කේ.ඒ. විමලේන්තිරරාජා, ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික විස්වනාථමූර්ති ගෝවින්දසාමි යන මහත්වරුන් ද, HDDES එක්ස්ට්රැක්ට්ස් (පෞද්) සමාගම නියෝජනය කරමින් එහි අධ්යක්ෂවරුන් වන ගෙහාන් ද සිල්වා, මෙවන් ද සිල්වා යන මහත්වරුන් ද, NIRDC නියෝජිතයන් ලෙස එහි ආයෝජන අධ්යක්ෂ ඊ.ආර්.එම්. ඉදුනිල් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd