නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රමුඛතම සන්නාමයක් වන නෙස්ටමෝල්ට්, 2026 Dragons of Asia සම්මාන උළෙලේදී ‘බලය ජවය ශක්තිය පිරි අපේම අවුරුදු’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් රන් සම්මානයක් දිනා ගැනීමට සමත් විය. උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණශීලීත්වය, ක්‍රියාත්මක කිරීම සහ සාර්ථක ප්‍රතිඵල වෙනුවෙන් ලැබුණු මෙම ජාත්‍යන්තර ඇගයීම, ආසියානු කලාපයේ ප්රමුඛ සන්නාම අතර නෙස්ටමෝල්ට් සතු ස්ථානය තවදුරටත් තහවුරු කරයි.
ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය එහි ජනතාව තුළ පවතින බවට වූ විශ්වාසය මත මෙම ප්‍රචාරණ වැඩසටහන නිර්මාණය කර ඇත. රටේ අනාගතය ශක්තිමත් කරන වැඩ කරන ජනතාවගේ කැපවීම සහ වීර්යය අගයමින්, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නවමු ආකාරයකින් ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වයකි. ඒ අනුව, ධීවරයන්, ගොවීන්, තේ දලු නෙලන්නන් සහ ත්‍රිරෝද රථ රියැදුරන් වැනි ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඔවුන්ගේ දායකත්වය සහ අධිෂ්ඨානය ඉස්මතු කර ඇත.
වසර 60කට අධික කාලයක් ශ්‍රී ලාංකිකයන් සමග සමීප සබඳතාවක් පවත්වාගෙන යන නෙස්ටමෝල්ට්, සිය සන්නාම වටිනාකම් මෙරට සංස්කෘතික උරුමය හා සම්බන්ධ කරමින් නව පරම්පරාවටද සමීප වීමට සමත් වී තිබේ.
1906 වසරේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ සිය 120 වැනි සංවත්සරය සමරයි. පරම්පරා ගණනාවකට රසවත් හා පෝෂණීය නිෂ්පාදන සපයන සමාගම, සිය නිෂ්පාදනවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි නවීන කර්මාන්තශාලාවේදී දේශීයව නිෂ්පාදනය කරමින් ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd