ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව 


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා ආයතනයක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනැන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් කන්තලේ නගරයේ නව ශාඛාව එහි සභාපති චන්න ද සිල්වා මහතා අතින් පසුගියදා විවෘත කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවට මූල්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ පාරිභෝගික පහසුව ඉහළ නැංවීම වෙනුවෙන් ආයතනය ගෙනයන වැඩපිළිවෙළේ තවත් එක් වැදගත් පියවරක් ලෙස මෙම ශාඛා සංවර්ධන කටයුතු හැඳින්වේ.

මෙම ශාඛා සංවර්ධන කටයුතුවලින් කන්තලේ ප්‍රදේශයේ ගොවි ජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, දේශීය ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් සමීප සේවයක් සැපයීමට සර්වෝදය ඩිවලොප්මන්ට් අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත ජනතාවට විධිමත් මූල්‍ය සේවා වෙත පිවිසීමේ පහසුකම් වැඩිදියුණු කිරීම ඔවුන්ගේ ආර්ථික කටයුතු සඳහා වැදගත් සහායක් වනු ඇති බව මෙම ආයතනය කියයි. මෙම ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා ද එක්විය.