ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රවර්ධනයට EDB සමග ශ්‍රී ලංකන් අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වන “Sri Lanka Expo 2027” ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකන් ගුවන් සේවයේ Airbus A321 Neo ගුවන් යානයක් “Sri Lanka Expo 2027” සන්නාම ලාංඡනයෙන් අලුතින් හැඩගැන්වීම පසුගියදා සිදු කරන ලදී. මෙම ප්‍රදර්ශනයෙන් කෘෂිකර්මාන්තය, කාර්මික නිෂ්පාදන, අපනයන සේවා, නවෝත්පාදන සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අපනයන අංශ පුළුල් ලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතය.