• මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් නිකුත් කළ ධීවර හැඳුනුම්පත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදීම මුද්‍රණය කර ලබාදීමේ නව වැඩපිළිවෙළකුත්

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 


කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සහ ආපදාවලින් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය යළි ගොඩනැගීමේ අරමුණින් ඔරු සහ බෝට්ටු බෙදාදිමේ වැඩසටහනක් ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ‘දිට්වා’ ආපදා තත්වයෙන් පීඩාවට පත් තට්ටුවැන්කොට්ටි ඇතුළු ප්‍රදේශවල තෝරාගත් ධීවරයන් 19 දෙනකුගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා සහනාධාර පදනම යටතේ බෝට්ටු ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

මීට සමගාමීව මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් නිකුත් කළ ධීවර හැඳුනුම්පත් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදීම මුද්‍රණය කර ලබාදීමේ නව විමධ්‍යගත වැඩපිළිවෙළක් ද ආරම්භ විය. එහි පළමු අදියර යටතේ ධීවරයන් 20 දෙනකුට නව හැඳුනුම්පත් පිරිනැමුණු අතර, මේ හරහා සේවා ලබාගැනීමට කොළඹට පැමිණීමට ධීවරයන්ට වැයවන කාලය සහ මුදල් විශාල වශයෙන් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසේ.