
ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ව්යවසායකත්ව සංසදයේ සම සභාපති, ඉංජිනේරු නවෝදන කංකානම්ගේ, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) ව්යවසායකත්ව සංසදයේ සභාපතිනී සහ REAL LIFE හි නිර්මාතෘ/අධ්යක්ෂිකා, ඉංජිනේරු ජැස්මින් නානායක්කාර, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) සභාපති ඉංජිනේරු කෝසල කඹුරුදෙණිය සහ ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි නිෂ්පාදන සහ සේවා නවෝත්පාදන ප්රධානී චමිල විජයවර්ධන යන මහත්ම මහත්මීන්.
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමග අත්වැල් බැඳගනිමින්, දිවයින පුරාම විසිරී සිටින නවක ව්යවසායකයන්ගේ ව්යාපාර සංකල්ප, ආයෝජක විශ්වාසය දිනාගත හැකි සාර්ථක ව්යාපාර බවට පත්කර ගැනීමට අවස්ථාව උදාකරන IESL National Startup Challenge වැඩසටහන ආරම්භ කරයි. ඒ ඔස්සේ, නවෝත්පාදන සංකල්ප නවක ව්යාපාර දක්වා ක්රමානුකූලව ගොඩනැගීම, ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ මගපෙන්වීම සහ ප්රායෝගික සහය හරහා වෙළෙඳපොළ දක්වා පුළුල් කිරීම සඳහා අත්වැල සපයමින්, ව්යාපාර පද්ධතිය ශක්තිමත් කිරීමට ඩයලොග් සහ IESL ආයතන දෙකේම පොදු කැපවීම විදහා දැක්වේ.
2026 ඔක්තෝබර් 5 වැනිදා ඩයලොග් ශ්රවණාගාරයේදී පැවති IESL ව්යවසායකත්ව සංසදයට සමගාමීව, නවක ඉංජිනේරුමය සංකල්ප යථාර්ථයන් කිරීමට මගපාදන මෙම ඉදිරිගාමී වැඩසටහන ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා අයදුම්පත් කැඳවීමද ආරම්භ විණි. මීට, ඉංජිනේරු උපාධි අපේක්ෂකයන්ට, වෘත්තීය ඉංජිනේරුවන්ට මෙන්ම එම ක්ෂේත්රයෙන් පරිබාහිර පිරිසට විවෘත කාණ්ඩය යටතේ සහභාගි විය හැක, නවෝත්පාදන අංශ 12ක් යටතේ අයදුම්පත් කැඳවන මෙම වැඩසටහන සඳහා සහභාගී වන කණ්ඩායම්වලට ජාතික ප්රමුඛතා, නවතම තාක්ෂණය, වෙළෙඳපොළ ප්රවණතා මෙන්ම අන්තර්කරණ නවෝත්පාදනවලට අනුගත, සංකල්ප ඉදිරිපත් කළ හැකි අතර එම සංකල්ප ඉදිරිපත් කිරීමත්, ඒවා ව්යාපාර දක්වා ගොඩනගන උත්පාදන සහය, සැලසුම් නිර්මාණය, වලංගුභාවය සඳහාද සහය වෙමින්, මූලික විශේෂාංගවලින් සමන්විත නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම (MVP) දක්වා සංවර්ධනය කිරීමත් සමගින් ව්යාපාර ව්යාප්තිය දක්වා සෑම අදියරකදීම, ක්ෂේත්රයේ විද්වතුන්ගේ සහ ඩයලොග් සමගින් මෙම වැඩසටහනට අත්වැල් බැඳගත් ආයතනවල සහය පිරිනැමීමත් සිදුකෙරේ.
ඒ අනුව, අවසාන වටයට තේරී පත්වන හොඳම කණ්ඩායම් 10 අතරෙන්, ජයග්රාහී කණ්ඩායමට මුදලින් රුපියල් මිලියනයක් හිමි වේ.
මෙම වැඩසටහනේ ප්රධාන අනුග්රාහකයා මෙන්ම, නවෝත්පාදන පරිසර පද්ධතියෙහි ප්රධාන පහසුකම් සපයන්නා ලෙස, ඩයලොග් අනුග්රාහකත්වයෙන් ඔබ්බට ගොස් ප්රායෝගික විශේෂඥ දැනුම, තාක්ෂණික සහය, උපදේශකයන් සහ ඩිජිටල් සම්පත් ලබාදෙමින් සහභාගී වන කණ්ඩායම්වලට තම නවෝත්පාදන සංකල්ප වැඩිදියුණු කර, ව්යාපාර දක්වා ගොඩනැගීමටත්, ඒවායේ වලංගුභාවය තහවුරු කර ගැනීමටත් උපකාරී වන අතර, ව්යාපාරයේ ව්යාප්තිය සඳහාද සහය සලසයි. අවසන් වටයට තේරී පත් වන හොඳම කණ්ඩායම් 10 ට, ඩයලොග් හි ඩිජිටල් නිෂ්පාදන සහ සේවාවලින් සමන්විත, රුපියල් 250,000 ක වටිනාකමෙන් යුත්, ‘Dialog Digital Startup Support පැකේජයක්ද හිමි වේ.
‘නවෝත්පාදන සංකල්ප, ව්යාපාර දක්වා වැඩි දියුණු කිරීමට අවශ්ය තාක්ෂණය, විශේෂඥ දැනුම සහ ප්රායෝගික සම්පත් පිරිනැමීමෙන්, ශ්රී ලංකාවේ මීළඟ පරම්පරාවේ නවෝත්පාදකයන් සවිබල ගැන්වීමට ඩයලොග් නිරන්තරයෙන් කැප වෙනවා.
IESL National Startup Challenge හරහා, ශ්රී ලංකාවේ දක්ෂ නවෝත්පාදන කණ්ඩායම්වලට තම නවෝත්පාදන සංකල්පයේ සිට වලංගුභාවය තහවුරු කරගැනීම සහ ආයෝජන සඳහා සූදානම් වීම දක්වා ඉදිරියට යාමට අත්වැල සපයමින්, ඩයලොග් විසින් ඩිජිටල් හැකියාවන්, උපදේශකත්වය සහ ආයතනික සහය ලබාදෙනවා.” යනුවෙන්, මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි නියෝජිතයෙක් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉංජිනේරු ආයතනයේ ව්යවසායකත්ව සංසදයේ සභාපතිනි ඉංජිනේරු ජැස්මින් නානායක්කාර මහත්මිය මෙසේ සඳහන් කළාය. IESL National Startup Challenge වැඩසටහනේ අරමුණ, තම නවෝත්පාදන සංකල්ප, ශක්තිමත් ව්යාපාර බවට පත්කරගැනීමට කැමැති ව්යවසායකයන්ට කර්මාන්ත විශේෂඥ දැනුම, මගපෙන්වීම් සමගින් අඛණ්ඩ ප්රායෝගික සහය ලබාදීමයි. වැදගත්ම දේ, මෙම වැඩසටහනෙන්, ‘ඉංජිනේරු සංකල්පයෙන් ව්යවසායකත්වය කරා’ වන පරිවර්තනය උදාකරමින්, IESL ප්රජාව තුළ ව්යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීමයි. අපගේ ඉංජිනේරුවරුන්ට සහ නවක ව්යාපාර ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිසට තම නවෝත්පාදන සංකල්ප ගොඩනැඟීමට, ඒවාට වෙළෙඳපොළ අවස්ථා උදාකර ගැනීමට වගේම, සාර්ථක ව්යාපාර දක්වා පුළුල් කිරීමට මෙම වැඩසටහනෙන් දිරිගැන්වෙනවා.”
IESL National Startup Challenge, ශ්රී ලංකාවේ කැපීපෙනෙන නවෝත්පාදන සංකල්ප, වෙළෙඳ පොළට ගැළපෙන සාර්ථක ව්යාපාර දක්වා වර්ධනය කර ගැනීමට ක්රමවත් මග සකසමින්, මෙරට නවෝත්පාදන සහ ව්යවසායකත්ව ක්ෂේත්රය ශක්තිමත් කිරීම උදෙසා ඒකාබද්ධ ප්රයත්නයෙන් යුතුව ක්රියාවට නැංවෙන වැඩසටහනයි.
මෙම වැඩසටහනෙන් තම නවෝත්පාදන සංකල්ප, ව්යාපාර දක්වා රැගෙන යාමට අවශ්ය සම්පත් සහ අරමුදල් ලබා ගැනීමට කැමති නවක ව්යවසායකයන්ට, දැන් www.iesl.lk/announcements ඔස්සේ අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2026 නොවැම්බර් 16 දිනෙන් අවසන් වේ. වැඩි විස්තර සඳහා, [email protected] හරහා සම්බන්ධ විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd