පාසල් දෙකකට අත්‍යවශ්‍ය උපකරණ සමගින් නවීනතමSmart Classroom පහසුකම් හිමි වේ.
SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලය සහ වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල්වලට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ නවීන තාක්ෂණික පහසුකම් පරිත්‍යාග කරන ලදී. මෙම පාසල්වල සිසු සිසුවියෝ දහසකට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති.
මෙවැනි ප්‍රජා සත්කාර ඔස්සේ රටේ දරුවන් සියලුම දෙනාට අධ්‍යාපනයේදී සමාන අවස්ථා හිමි වන බව සහතික කරන අතරම, ඔවුන්ට නවීන තාක්ෂණික පහසුකම් සමගින් ඔවුන්ගේ අධ්‍යාපනය ජයගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමSLT-MOBITEL හි අරමුණ වී තිබේ.
විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල ඩිජිටල් අධ්‍යාපන පහසුකම් නැංවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් කලවාන ගාමිණී ප්‍රාථමික විද්‍යාලයට නවීනතමSmart Classroom පහසුකම් පරිත්‍යාග කිරීමටSLT-MOBITEL කටයුතු කළේය. මේ යටතේ අධිවේගී SLT-MOBITEL Fibre සම්බන්ධතාවක් සමග උසස් තාක්ෂණයෙන් යුත්Smart Board පිරිනමන ලද අතර, මෙමගින් සිසුන්ට මාර්ගගත අධ්‍යාපනික මූලාශ්‍ර භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට එම පාසලේ ගුරුවරුන්ට හැකි වනු ඇත. මෙය ඉගෙනුම වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කරන අතරම, ඩිජිටල් පරතරය අවම කිරීමටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු නිසැකය.
මීට අමතරවSLT-MOBITEL විසින් වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්‍යාලයේ සිසුන් 150 දෙනකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. විවිධ ප්‍රජාවට අයත් සිසුන් ඉගෙනුම ලබන මෙම පාසල සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා පිරිනැමීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි. මේ ආකාරයට අත්‍යවශ්‍ය පාසල් උපකරණ හිමි වීමෙන් සිසුන්ගේ දෛනික අධ්‍යාපන අවශ්‍යතා සපිරෙන අතරම ඔවුන් අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් උනන්දු වනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd