Arpico Mattress  විසින් සංවිධානය කරනු ලබන වාර්ෂිකArpico Mattress Achievers Night  2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ ITC Ratnadipa  හෝටලයේදී පැවැත්විණි.. Arpico Mattress  සන්නාමයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

Richard Pieris  සමූහයේ Foam Sector  අංශයේ ප්‍රධානතම වාර්ෂික උත්සවයක් වන Achievers Night  සම්මාන උළෙල සමාගමේ අලෙවි නියෝජිත ජාලයේ සාර්ථකත්වය සහ කැපවීම ඇගයෙන ප්‍රමුඛතම වේදිකාවයි. එහිදී මෙවරත් Platinum, Gold, Silver  සහ Bronze යන සම්මාන කාණ්ඩ යටතේ විශිෂ්ටයන් රැසක් ඇගයීමට ලක් වූ අතර, ඔවුන්ට විදෙස් සංචාරද පිරිනමන ලදී.

Platinum කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට ස්විට්සර්ලන්තය සහ ඉතාලිය වෙත මෙන්ම නෙදර්ලන්තය, බෙල්ජියම සහ ප්‍රංශය වෙත සංචාර හිමි විය. Gold සම්මානලාභීන්ට අසර්බයිජානය සහ තුර්කිය වෙත සංචාර පිරිනැමුණු අතර, Silver  කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට ඩුබායි, අබුඩාබි සහ බාලි දූපත් වෙත සංචාර හිමි විය. Bronze කාණ්ඩයේ ජයග්‍රාහකයන්ට මැලේසියාව මෙන්ම තායිලන්තයේ බැංකොක් සහ පතායා වෙත සංචාර පිරිනමන ලදී. 
සමාගමේ ප්‍රධාන අංශවල සේවය කරන නිලධාරීන්ගේ දායකත්වයද එදින ඇගයීමට ලක් වූ අතර, Production, Modern Trade  සහSales & Distribution  යන කාණ්ඩ යටතේ ඔවුන්ට මුදල් ත්‍යාග සහ සංචාර පිරිනමන ලදී.

ප්‍රධාන දේශනය පැවැත්වූ Richard Pieris & Company PLC හි අධ්‍යක්ෂ ශිරෝන් ගුණරත්න මහතා, සමාගමේ තිරසාර වර්ධනය වෙනුවෙන් සාමූහිකව කැපවීමේ වැදගත්කම අවධාරණය කළේය. ඔහුගේ අදහස් දැක්වීම, Arpico Mattress හි සාර්ථකත්වයට දායක වන පුද්ගලයන්ගේ ජයග්‍රහණ ඇගයීම සඳහා මනා ආරම්භයක් විය.

ඉන් අනතුරුව Richard Pieris & Company PLC  හි Foam Sector හි කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජයසිංහ මහතා එම අංශයේ කාර්යසාධනය පිළිබඳ අදහස් දැක්වීය. වෙනස් වෙමින් පවතින වෙළෙඳපොළක් තුළ උදා වන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම සහ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් බෙදාහැරීම් ජාලයක වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම Richard Pieris & Company PLC  හි සභාපති කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගෙන් ලැබෙන සහයෝගය සහ දූරදර්ශී නායකත්වයද කෘතවේදීව සිහිපත් කළ ලලිත් විජේසිංහ මහතා, සභාපතිතුමන්ගේ මගපෙන්වීම සමාගමේ වර්ධනයට සහ අනාගත ගමන්මඟට සුවිශාල ශක්තියක් බවද පැවසීය.