
NSBM හරිත සරසවිය 2026 වසර සඳහා බඳවාගනු ලබන අවසන් උපාධි අපේක්ෂක කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 20 වැනිදා හෝමාගම පිහිටි විශ්වවිද්යාල පරිශ්රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එළඹෙන ඔක්තෝබර් 26 වැනිදාට යෙදෙන NSBM හරිත සරසවියේ දසවැනි සංවත්සරය අභිමුව පැවැති මෙම උත්සවය, වසර දහයක් පුරා විශ්වවිද්යාලය අත්කරගත් අධ්යාපනික ප්රගතිය සහ වර්ධනය පිළිබිඹු කළ තවත් වැදගත් අවස්ථාවක් විය.
මෙම සමාරම්භක උත්සවය සමගින් ව්යාපාර, පරිගණක, ඉංජිනේරු සහ විද්යා යන පීඨ යටතේ පිරිනමනු ලබන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විශ්වවිද්යාලයට එක් වූ නවක සිසුන්ගේ උසස් අධ්යාපන ගමනේ ආරම්භය සනිටුහන් කළේය. මෙහිදී NSBM තුළින් හිමිවන අධ්යාපනික අවස්ථා, පහසුකම් සහ විශ්වවිද්යාලයීය ශිෂ්ය ජීවිතය පිළිබඳව දැන හඳුනා ගැනීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දුන්නේය.
NSBM ශ්රවණාගාරයේදී සැසි තුනක් යටතේ උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබූ මෙම සමාරම්භක උත්සවය සඳහා NSBM හරිත සරසවියේ උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා ඇතුළු NSBM කාර්ය මණ්ඩලය, සම්භාවනීය අමුත්තන් මෙන්ම NSBMහි නව අධ්යයන කණ්ඩායමට ලියාපදිංචි වූ සිසුන් සහ ඔවුන්ගේ මවුපියෝ ද සහභාගී වූහ. මෙම අවස්ථාවට ප්රධාන දේශකයන් ලෙස කොළඹ විශ්වවිද්යාලයේ රසායන විද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ මහාචාර්ය නලින් ද සිල්වා මහතා සහ CEAT Kelani Holdings (Pvt) Ltd හි ප්රධාන මෙහෙයුම් නිලධාරී ශමල් ගුණවර්ධන මහතා සහභාගී වූහ. සිය ශාස්ත්රීය සහ කර්මාන්ත ක්ෂේත්රයන්හි අත්දැකීම් ඇසුරින් ඔවුන් සිදුකළ දේශන, NSBMහි උසස් අධ්යාපන ගමන ආරම්භ කරන නවක සිසුන්ට වටිනා අදහස් සහ මගපෙන්වීම් ලබා දුන්නේය.
ප්රධාන දේශනවලට අමතරව නවක සිසුන්ට ඔවුන්ගේ අනාගත අධ්යයන ගමන්මග සහ එයට අදාළ අනෙකුත් වැදගත් කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ සහ හඳුන්වාදීමේ දේශන ඇතුළත් විය. එහිදී, අධ්යයන අවස්ථාවලින් උපරිම ප්රයෝජන ගැනීමටත්, තම දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමටත්, පෞද්ගලික සහ වෘත්තීය දියුණුවට උපකාරී වන විශ්වවිද්යාලයීය ක්රියාකාරකම්වලට සක්රීයව සහභාගී වීමටත් නවක සිසුන් දිරිගන්වන ලදී.
NSBM හරිත සරසවියේ මෙම නව කණ්ඩායම සඳහා උසස් අධ්යාපන අමාත්යාංශයේ අනුමැතිය ඇතිව දේශීයව පිරිනමන උපාධි සහ ජාත්යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති විදෙස් විශ්වවිද්යාලවලට අනුබද්ධ උපාධි 50කට අධික ප්රමාණයක් පිරිනමයි. කර්මාන්ත ක්ෂේත්රයේ අවශ්යතාවලට ගැලපෙන අධ්යාපනයක් සහ අත්දැකීම් තුළින් වෙනස් වෙමින් පවතින වෘත්තීය ලෝකයට සාර්ථකව මුහුණ දිය හැකි දැනුමෙන් හා කුසලතාවලින් පිරිපුන් උපාධිධාරීන් බිහිකිරීමට විශ්වවිද්යාලය කැපවී සිටී.
NSBM හරිත සරසවිය ශ්රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්යාලයක් ලෙස සාපේක්ෂව ඉතා කෙටි කාලයකින් ජාතියේ දියුණුව උදෙසා දැනුමෙන් කුසලතාවෙන් පිරිපුන් උපාධිධාරීන් 20,000 කට අධික ප්රමාණයක් දායාද කර ඇති අතර, වර්තමානයේදීද සිසුන් 13,000 කට අධික ප්රමාණයකට අධ්යාපනය ලබා දෙයි. හෝමාගම පිටිපන අක්කර 41ක හරිත වටපිටාවක අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති NSBMහි දැවැන්ත සරසවි පරිශ්රය තුළ දැනුමින් මෙන්ම නිපුණත්වයෙන් ද පිරිපුන් නූතන ප්රවණතාවලට ගැලපෙන උපාධිධාරීන් බිහිකිරීමට මග පාදන ජාත්යන්තර මට්ටමේ පරිපූර්ණ විශ්වවිද්යාල අත්දැකීමක් ලබා දෙයි.
සිය දසවැනි සංවත්සරය සැමරීමට සූදානම් වන NSBM හරිත විශ්වවිද්යාලය, ගුණාත්මක උසස් අධ්යාපනයක් ලබාදීම සහ අනාගතයට ගැලපෙන උපාධිධාරීන් බිහිකිරීම වෙනුවෙන් සිය ජාතික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යයි.
මේ වන විට උපාධිධාරීන් 24,000කට අධික සංඛ්යාවක් බිහිකර ඇති විශ්වවිද්යාලය, අති නවීන පහසුකම්වලින් සමන්විතව ඉදිකර ඇති NSBM හි දැවැන්ත සරසවි පරිශ්රය තුළ වර්තමානයේදීද සිසුන් 13,000කට අධික පිරිසකට අධ්යාපන අවස්ථා සලසයි. ඉදිරි දශකය තුළ ද අධ්යාපනික වර්ධනය, නවෝත්පාදනය සහ සමාජයට ලබාදෙන දායකත්වය තවදුරටත් පුළුල් කිරීම NSBM හි අපේක්ෂාවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd