ජයග්‍රාහී දරැවන් 75 දෙනකුට පර්ල්බේ හිදී පවුලේ සැම සමග විනෝද වීමට අවස්ථාව
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ (David Pieris Group) සංකල්පයකට අනුව දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙමින් ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කර නිර්මාණය කර ඇති පර්ල් බේ (Pearl Bay), මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දිවයින පුරා විසිරී සිටින දූ දරුවන් වෙනුවෙන් විශේෂ කූපන් වැඩසටහනක් පවත්වන ලදී. එහි දී පර්ල් බේ (Pearl Bay), පරිශ්‍රයේ අමතක නොවන දිනයක් ගත කිරීමට දරුවන් 75 දෙනකුට අවස්ථාව ලබා දෙමින්, තරගයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය නිවුස් පේපර්ස් ලිමිටඩ්, ඇසෝසියේටඩ් නිවුස් පේපර්ස් ඕෆ් සිලෝන් ලිමිටඩ් (ලේක්හවුස්) සහ එක්ස්ප්‍රස් නිවුස් පේපර්ස් (සිලෝන්) ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මගින් ප්‍රකාශිත ළමා පුවත්පත් සහ අතිරේකවල පළ කරන ලදී. එලෙස පළ වූ කූපන් පත් හරහා පර්ල් බේ (Pearl Bay), පිළිබඳ සරල ප්‍රශ්න තුනකට පිළිතුරු සපයමින් මෙම තරඟයට එක්වන ලෙස ළමයින් වෙත ආරාධනා කරන ලදී.
තරගය සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලද්දේ කුසපත් ඇදීමක් මගිනි. ජයග්‍රාහී සෑම දරුවකුටම පර්ල් බේ (Pearl Bay), වෙත ඇතුළු වීම සඳහා නොමිලේ ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ජයග්‍රාහකයන්ගේ පවුලේ සාමාජිකයන් හතරක් දක්වා ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර සඳහා විශේෂ වට්ටම් ද හිමිවේ. ළමා කාලයේ නිදහස, සිනහව සහ සුන්දර මතකයන් සැමරීම අරමුණු කරගනිමින් දරුවන්ට සිය මවුපියන් සමග එකට එක්ව ආරක්ෂාකාරීව කාලය ගත කිරීමට දිරිගැන්වීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
ජයග්‍රාහකයන් 75 දෙනාටම පර්ල් බේ (Pearl Bay), සිය සුභ පැතුම් එක් කරන අතර, ලෝක ළමා දින වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සැමට, තරගයට සහභාගී වූ සෑම දරුවකුටම ස්තූතිය පුද කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd