
සුදත් එස්. කුමාරසිරි - කොත්මලේ
දෙස් විදෙස් සංචාරකයන්ට ත්‍රාසජනක අත්දැකීමක් ලබාදීමේ අරමුණින් රම්බොඩ බ්ලූෆීල්ඩ් ටී ගාඩ්න්ස් පරිශ්‍රයේ බ්ලූෆීල්ඩ් තේ වතුයාය හරහා ZIP Line නම් වූ විශේෂ ඒකකයක් මේ වන විට ආරම්භ කර ඇත.
බ්ලූෆීල්ඩ් සමූහ ව්‍යාපාර කළමනාකාර අධ්යක්ෂ ආශික් නිසාර් මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති එම ZIP Line ඒකකය දෙස් විදෙස් සංචාරකයන් අතරේ බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, එම ඒකකය ඒ සම්බන්ධව පළපුරුද්දක් ඇති විශේෂ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. එලෙස රම්බොඩ බ්ලූෆීල්ඩ් ටී ගාඩ්න්ස් පරිශ්‍රයේ ආරම්භ කර ඇති ZIP Line ඒකකයෙන් විදෙස් සංචාරකයකු විශේෂ කේබලයක එල්ලී මීටර් 355 ක දුරක් ගමන් කරමින් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගන්නා අයුරු මෙහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd