උණවටුන ඩී.ජී. සුගතපාල


සිමා සහිත ගාල්ල දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය විසින් රෝහල් පරිශ්‍රයේ රුපියල් මිලියන 1500ක වියදමින් ඉදිකර ඇති අති නවින පහසුකම්වලින් යුත් අට මහල් රෝහල් ගොඩනැගිල්ල  අද (30) උදැසන 9.50ට යෙදෙන සුබ මොහොතින් විවෘත කෙරේ.

සමුපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතා පැවසුවේ කොළඹින් බැහැරව නවින සියලු‍ම පහසුකම්වලින් යුත් රෝහල මෙම රෝහල බවය.

විවෘත කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ඇතුළු මැති ඇමතිවරුද, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල්, දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් බෙනිකා ආර්. ජයසේකර, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම්ගේ, ගාලු‍ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පුෂ්ප කුමාර යන මහත්ම මහත්මින් ද රුහුණු වෛද්‍ය පිඨයේ මහාචාර්යවරුද ඇතුළු රාජ්‍ය නිලධාරී සහභාගි විමට නියමිතය.