ශ්රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව, සිය BOC Flex ජංගම යෙදුම පරිශීලනය කරන පරිශීලකයන් වෙත, වේගවත්, පහසු, මෙන් ම සම්පූර්ණයෙන් ම ඩිජිටල් ක්රමවේදයක් හරහා ණය ලබා දීමේ අරමුණින් 'BOC Flex Instant Loan' ක්ෂණික ණය සේවාව හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි.
සියලු සේවා එක ම යෙදුමකින් (All in One App) යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ක්රියාත්මක වන BOC Flex, තවත් පියවරක් ඉදිරියට තබමින් හඳුන්වා දුන් 'BOC Flex Instant Loan' ක්ෂණික ණය සේවාව හරහා AI තාක්ෂණයෙන් පූර්ව අනුමත සුදුසුකම් ලත් ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට සිය ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ක්ෂණික ණයක් සඳහා සෘජු ව ම අයැදුම් කිරීමේ හැකියාව ලබා දෙන අතර, එහි දී ඔවුන්ගේ එකඟතාව මත ඔවුන්ගේ ගිණුමට මුදල් එකතු කෙරෙයි. ශාඛාවකට යාමකින්, දිගු ලේඛන සම්පූර්ණ කිරීමකින් හෝ ඇප ඉදිරිපත් කිරීමකින් තොර ව, ඉතා සරල පියවර කිහිපයකින් 'BOC Flex Instant Loan' ලබා ගත හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි.
වේගවත් ණය ලබා ගැනීමේ ක්රියාවලිය, පහසුව, ආරක්ෂාව සහ සරල බව කැටි කර ගත් 'BOC Flex Instant Loan' ක්ෂණික ණය සුදුසුකම් ලත් ගනුදෙනුකරුවකුට ඕනෑ ම තැනක සිට ඕනෑ ම වේලාවක අයැදුම් කළ හැකි වීම එහි ඇති තවත් විශේෂත්වයක් වන අතර, පූර්ණ ඩිජිටල් හා ආරක්ෂිත ක්රියාවලිය, AI තාක්ෂණය හරහා සිදු කරනු ලබන ණය තක්සේරුකරණ ක්රියාවලිය සහ ක්ෂණික ණය අනුමැතිය BOC Flex යෙදුම පරිශීලනය කරන ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට ඉතා සුවිශේෂී, ණය ලබා ගැනීමේ අත්දැකීමක් සහතික කරයි.
BOC Flex යෙදුම හරහා ම අදාළ ණය මුදල ආපසු ගෙවීමේ පහසුකම් ඇතුළු ව, ඩිජිටල් ණය කළමනාකරණ අත්දැකීමක් ලබා දෙන AI තාක්ෂණය මත පදනම් වූ 'BOC Flex Instant Loan' ක්ෂණික ණය සේවාව, සරල, වේගවත් සහ වඩාත් පහසු ඩිජිටල් බැංකුකරණ විසඳුම් ලබා දීම සඳහා ලංකා බැංකුව විසින් හඳුන්වා දී ඇති තවත් සුවිශේෂී සේවාවක් ලෙස හඳුන්වා දිය හැකි ය.
පසුගියදා සිංගප්පූරුවේ පැවති 2026 Digital CX සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වීම, ලංකා බැංකුවේ ඩිජිටල් නායකත්වයට ගෝලීය පිළිගැනීමක් ලබා දුන් සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි අතර, එවැනි ජාත්යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ශ්රී ලාංකික බැංකු යෙදුම බවට BOC Flex පත් විය. ඊට අමතර ව එහි දී ගනුදෙනුකාර අත්දැකීම් සහ ඩිජිටල් බැංකුකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට ලංකා බැංකුව සමත් වීම ද සුවිශේෂී ජයග්රහණයකි. එමෙන් ම 2025 වසරේ දී ජාතික ICT සම්මාන, ජාතික ව්යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන සහ LankaPay Technovation සම්මාන යන සම්මාන උළෙලවල දී ලංකා බැංකුවේ ඩිජිටල් විශිෂ්ටත්වය ඇගයීමට ලක් වූ අතර, එමඟින් ශ්රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනය තුළ ලංකා බැංකුවේ පුරෝගාමී භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.
ඉන්දියාව, මාලදිවයින, සීෂෙල්ස් සහ එක්සත් රාජධානිය යන රටවල සිය ජාත්යන්තර ව්යාප්තිය සනිටුහන් කර ඇති ලංකා බැංකුව, ශාඛා, BOC Connect නියෝජිත සේවා මධ්යස්ථාන, Digi මධ්යස්ථාන, ATM, CRM හා CDM යන්ත්ර ඇතුළු ශ්රී ලංකාව පුරා ස්ථාපිත 2,500කට අධික සිය ගනුදෙනුකාර සම්බන්ධතා මධ්යස්ථාන ජාලය හරහා ගනුදෙනුකරුවන් වෙත අඛණ්ඩ සේවාවක් ලබා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd