නිමල කොඩිතුවක්කු
බිම්ස්ටෙක් (BIMSTEC) සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය පිළිබඳ BIMSTEC ජ්යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම සඳහා සත්කාරකත්වය දැරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
දකුණු සහ අග්නි දිග ආසියානු රටවල් අතර සමාජ - ආර්ථික සංවර්ධනය සහ තාක්ෂණික සහයෝගිතාව ප්රවර්ධනය කිරීම සඳහා වූ ප්රමුඛ කලාපීය සංසදයක් ලෙස බහු - ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල එකමුතුව (BIMSTEC) ක්රියා කරනු ලබයි. 2025 අප්රේල් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවර පැවති 6 වැනි BIMSTEC රාජ්ය නායක සමුළුවේදී සෞඛ්ය ක්ෂේත්රයේ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා BIMSTEC සෞඛ්ය අමාත්ය රැස්වීමක් කැඳවීම කෙරෙහි සහ එකී රැස්වීම, BIMSTEC සංවිධානය තුළ මහජන සෞඛ්ය සහයෝගිතාව පිළිබඳ ප්රමුඛ රට ලෙස නම් කර ඇති ශ්රී ලංකාවේදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබ ඇත.
ඒ අනුව,
2026-11-10 සහ 11 යන දිනවල BIMSTEC සෞඛ්ය අමාත්යවරුන්ගේ පළමු රැස්වීම සහ සෞඛ්ය පිළිබඳ BIMSTEC ජ්යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම කොළඹදී පැවැත්වීමට තීරණය කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd