තැඹිලි ලේබලය සහිත බැඳුම්කරයක් ලෙස මෙය සිදු කෙරේ
බැංකු නොවන මූල්ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියනයක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි, ජ්යෙෂ්ට, ස්ත්රී-පුරුෂ සමාජභාවී අරමුණු සහිත, තැඹිලි ලේබලය සහිත බැඳුම්කරයක් ලෙස මෙම නිකුතුව සිදු කරන බව සඳහන් වෙයි.
මෙහිදී ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන එකකි. මෙය වසර තුනකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන බවත් පවසයි.
මෙලෙස රැස් කරගන්නා මුදල් ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය අගය දාමයන් මූලනය කිරීම ඇතුළු සුදුසු සමාජයීය ව්යාපෘති කාණ්ඩ, ක්ෂුද්ර සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය දේශගුණික මූල්යනය සහ කාන්තාවන් මූලික කරගත් ව්යවසාය සහ කාන්තාවන් ප්රතිලාභීන් වන ව්යවසාය වෙත ඍජුවම සහාය දක්වන ක්ෂුද්ර මූල්ය පහසුකම් වෙත වෙන් කෙරෙන බවත් සමාගම සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම තැඹිලි-ලේබලය සහිත බැදුම්කරය නිකුත් කිරීම සඳහා සියලුම නියාමන ආයතනවල අනුමැතිය අවශඨව තිබෙන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd