පූර්ණ විද්‍යුත් මෝටර් රථ තාක්ෂණය, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්, නවීන තාක්ෂණික පහසුකම් සහ බුද්ධිමත් ආරක්ෂක පද්ධති සමඟ GWM රථ පෙළ තවදුරටත් පුළුල් වෙයි.

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් GWM සන්නාමය යටතේ නව මෝටර් රථ මාදිලි දෙකක් වන පූර්ණ විද්‍යුත් GWM ORA  5 සහHaval Jolion MAX Plug-in Hybrid Electric Vehicle (PHEV) ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මෙම හඳුන්වාදීම කොළඹ 02, යූනියන් පෙදෙසේ ඇක්සස් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි GWM Experience Centre  පරිශ්‍රයේදී සිදු කෙරිණි.

 

GWM ORA  5: විද්‍යුත් ගමනාගමනයේ නව යුගයක්

GWM ORA  5 යනු නවීන මෝස්තරය, සුවපහසුව සහ උසස් තාක්ෂණික පහසුකම් ඒකාබද්ධ කළ පූර්ණ විද්‍යුත් රථයකි. කිලෝවොට් 100ක විදුලි මෝටරයකින් සහ කිලෝවොට් පැය 58.3ක බැටරියකින් සමන්විත මෙම රථයට New European Driving Cycle (NEDC) පරීක්ෂණ ප්‍රමිතිය යටතේ කිලෝමීටර් 520ක් දක්වා ධාවන පරාසයක් ලබා දිය හැකිය.

අඟල් 14.6ක ස්පර්ශ සංවේදී තිරය, හඬ විධාන පද්ධතිය, රැහැන් රහිත ආරෝපණ පහසුකම සහ වාහනයේ යටිබිම පෙනෙන ආකාරයේ දර්ශනයක් සහිත අංශක 360ක කැමරා පද්ධතිය එහි තාක්ෂණික විශේෂාංග අතර වේ. එමෙන්ම Vehicle-to-Load (V2L)  පහසුකම මගින් බාහිර විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීමට ද හැකියාව ලැබේ.

අනුවර්තනීය වේග පාලනය, ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධතිය, මංතීරු පවත්වාගෙන යාමේ සහාය, ඉදිරිපස ගැටුම් අනතුරු ඇඟවීම සහ මාර්ග සංඥා හඳුනාගැනීම වැනි උසස් රියදුරු සහායක පද්ධති ද මෙහි ඇතුළත් වේ. මිලිමීටර් 175ක බිම් නිෂ්කාශනයක් සහEco, Normal, Sport  සහ Well Being  යන ධාවන මාතයන් හතරකින් සමන්විත ORA  5 විවිධ දෛනික ධාවන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇත.

 

Haval Jolion MAX PHEV : කාර්යසාධනය සහ කාර්යක්ෂමතාවේ සංකලනයක්

Haval Jolion MAX PHEV  රථය විද්‍යුත් ධාවන හැකියාව සහ පෙට්‍රල් එන්ජිමක නම්‍යශීලීත්වය ඒකාබද්ධ කරයි. 

ලීටර් 1.5ක ටර්බෝ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් බල පද්ධතියකින් සමන්විත මෙය කිලෝවොට් 240ක ඒකාබද්ධ බලයක් සහ නිව්ටන් මීටර් 513ක ව්‍යාවර්තයක් (Torque)  ලබා දෙයි. 

NEDC  පරීක්ෂණ ප්‍රමිතිය යටතේ කිලෝමීටර් 108ක් දක්වා විද්‍යුත් ධාවන පරාසයක් ද මෙයට හිමි වේ.

විද්‍යුත් ලෙස සකස් කළ හැකි සහ වාතාශ්‍රය සැපයෙන ඉදිරිපස ආසන, ඉඩකඩ සහිත පසුපස ආසන පෙළ සහ පරිදර්ශක සන්රූෆ් පහසුකම එහි සුවපහසුව ඉහළ නංවයි. 

අඟල් 12.3ක තොරතුරු හා විනෝදාස්වාද තිරය, රියදුරුගේ දර්ශන පථයට තොරතුරු ප්‍රක්ෂේපණය කරන Head-Up Display  පද්ධතිය, අංශක 360ක කැමරාව සහ හඬ විධාන පහසුකම ද එහි තාක්ෂණික අංග අතර වේ.

Level 2 Advanced Driver Assistance Systems (ADAS),  අනුවර්තනීය වේග පාලනය, මංතීරු පවත්වාගෙන යාමේ සහාය, අන්ධ කලාප නිරීක්ෂණය, ඉදිරිපස ගැටුම් අනතුරු ඇඟවීම සහ ස්වයංක්‍රීය හදිසි තිරිංග පද්ධතිය ඇතුළු ආරක්ෂක පහසුකම් රැසකින් ද මෙම රථය සමන්විත වේ. 

බාහිර විදුලි ආරෝපණයක් අවශ්‍ය නොවන අතර ධාවනයේදී බැටරිය ආරෝපණය කරගන්නා Hybrid Electric Vehicle (HEV)  ප්‍රභේදයක් ද Haval Jolion MAX රථ පෙළට ඇතුළත් වේ.

 

GWM  පෙළ සහ පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීම

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් දැනට ශ්‍රී ලංකාවේ GWM Haval H6 (HEV/PHEV), Tank 500 (HEV), Tank 300 (HEV)  සහHaval H6 GT (PHEV) ඇතුළු රථ මාදිලි රැසක් අලෙවි කරනු ලබයි. ORA  5 සහ Haval Jolion MAX PHEV  හඳුන්වාදීමත් සමග එහි විද්‍යුත් සහ හයිබ්‍රිඩ් රථ පෙළ තවදුරටත් පුළුල් වේ.

වාහන අලෙවියට අමතරව, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් කොළඹ 02, Hyde Park Corner  හි විශේෂිත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර, දිවයින පුරා විහිදුණු අලෙවි නියෝජිත ජාලයක් ද ක්‍රියාත්මක කරයි.